Latest Posts

2027 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: දෙසැම්බර් 31ට පෙර නොකළහොත් නීතිමය පියවර – ආරක්ෂක අමාත්‍යාංශය

2027 වර්ෂය සඳහා වන ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු හෙට (සැප්තැම්බර් 01) දින සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

ඒ අනුව ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි සියලුම පුද්ගලයින් සහ ආයතන 2026 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම සිය ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගැනීමට කටයුතු කළ යුතුය.

වලංගු බලපත්‍ර නැතිනම් නීතිමය පියවර

2026 දෙසැම්බර් 31 වන දිනට පෙර බලපත්‍ර අලුත් නොකරන සියලුම ගිනිඅවි හිමිකරුවන්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව, වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීමේ වරද යටතේ නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි.

පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා විශේෂ දැනුම්දීමක්

මේ අතර, 2026.09.01 දින සිට 2026.12.31 දක්වා වූ කාලය තුළ ලියාපදිංචිය අලුත් නොකරන පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

එබැවින් සිදුවිය හැකි නෛතික ගැටලු සහ අනවශ්‍ය අපහසුතාවයන්ගෙන් වළකින ලෙසත්, නියමිත කාලසීමාවට ප්‍රථම අදාළ බලපත්‍ර අලුත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටී.

Latest Posts

spot_imgspot_img