High Court Exposes the Horrific Tragedy of the State Machinery
The ongoing trial before the Colombo Permanent High Court at Bar regarding the massive financial and administrative crime of misappropriating over Rs. 140 million in public funds and distributing counterfeit Intravenous Immunoglobulin (IVIG) to government hospitals is currently exposing the darkest, most corrupt facets of the Sri Lankan state service.
The evidentiary hearing held recently (21st) against twelve accused—including the first accused, Sugath Janaka Fernando, owner of Isolez Biotech Pharma, which is charged with manufacturing the substandard drug, alongside the former Minister of Health and the Ministry Secretary—provided logical evidence that this was not merely a financial fraud, but a gamble with patients’ lives orchestrated by the entire healthcare system.

Through the extensive examination-in-chief led by Deputy Solicitor General Lakmini Girihagama, and the testimony of Dr. Rajiva de Silva, former Director of the Medical Research Institute (MRI) and Consultant Immunologist, the scientific nakedness of this counterfeit drug was laid bare in open court.
The ‘Water’ Bottle with Less Than 75mg Instead of 5000mg
Issued to hospitals through a tender mafia, this IVIG drug is a life-saving medication administered to patients with severely compromised immune systems. However, exactly what was contained within the drug procured through this scam was revealed during the questioning by the Deputy Solicitor General.
Deputy Solicitor General: The medication label states it contains 5000mg per 100ml. How much was revealed to be present during the testing?
Witness (Consultant Immunologist): The testing confirmed that it contained less than 75mg per 100ml. It is impossible to say exactly how much less than 75mg it was.
Deputy Solicitor General: In the comments section, you have stated that the IgG is at an immeasurably low level?
Witness: Yes, I noted that because it was less than 75mg. However, the manufacturer stated there was 5g, meaning 5000mg… When the ‘Serum Electrophoresis’ test was conducted, it indicated that there were no proteins present.
Portraying a standard of 5000mg and swindling hundreds of millions in public funds, patients were administered a counterfeit liquid devoid of even a single antibody (protein) particle. This is not a mere administrative oversight, but a meticulously orchestrated financial crime.
The Healthcare System That Injected Bacteria into Patients’ Veins
The doctor’s testimony confirmed that this drug was not just substandard, but also contaminated with a lethal bacteria. The irresponsibility of the state service was such that relevant authorities allowed this deadly liquid to be injected into patients’ bodies without any prior testing.

Deputy Solicitor General: What type of microorganism is Enterobacter? What can it cause?
Witness: It is a bacterium… In a person with immunodeficiency, it enters the heart and lungs, causing infections. Abscesses form… It can cause pneumonia. It can also lead to anaphylaxis (severe allergic reactions).
Defense Arguments and the Doctor’s Rejection
Cross-examining the witness, Attorney-at-Law Harendra Banagala, representing the first accused, attempted to challenge the manner in which the samples were collected for testing and their procedural regularity. The defense counsel directly questioned whether the witness was providing testimony out of malice and bias against the supplier.
Defense Counsel: I suggest that you are giving malicious testimony regarding this questioned drug.
Witness: I reject that. I am not giving malicious testimony against the supplier. I am testifying objectively.
This dialogue signifies how, despite the corrupt network’s attempts to gain legal advantages through the loopholes in the state machinery and bureaucratic weaknesses, their arguments collapse in the face of scientific and objective facts.
“If Allergic Reactions Didn’t Occur, No One Would Know”
The most horrifying moment of this entire trial report, which summarized the tragedy of the whole state healthcare system, arrived with the question posed by the President of the Trial-at-Bar.
Presiding Judge: Has a sample from any patient who reported an infection been tested?
Witness: No. The IgG levels in the three patients who were tested for IVIG were extremely low. Such individuals develop lung infections, which are incurable… Fortunately, if these patients hadn’t developed allergic reactions, we would have only known after administering it for years. A large number of patients were saved precisely because these individuals developed complications.
This trial record epitomizes the most horrific breakdown of state governance in Sri Lankan history. Had patients not developed allergic reactions, this corrupt network had the capacity to supply this counterfeit drug to hospitals for decades, swindling billions in public funds. When national institutions exist to verify the quality of medicines, if the distribution of a lethal drug was halted solely because patients’ bodies reacted to it, it legally proves that our health administration today remains a business thriving on the corpses of patients.
නඩු වාර්තාව
2006/08/21
ව්‍යාජ ලෙස සකසන ලද ඖෂධ තොගයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දී රුපියල් කෝටි 14 කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි කියා චෝදනාව ඇතුළු චෝදනා 14ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව (21) යළි විභාගයට ගැනිණි.
සාක්ෂි සඳහා කැඳවා තිබුණේ තිබුණේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මෙසේද ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුප්පියේ තිබූ IVIG ද්‍රාවණයෙන් කොපමණ පරීක්ෂණ සඳහා ගන්නවාද?
සාක්ෂිකරු ; මයික්‍රෝ ලීටර් ප්‍රමාණයක් ගන්නේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු ; ඔව් ඖෂධ දියරයක ඕනෑම තැනකින් ගන්න සාම්පලයක සාන්ද්‍රනය සමානයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ පාවිච්චි කලේ එම ක්රමවේදයමද?
සාක්ෂිකරු;; අවම මට්ටමක් සොයාගන්න පුළුවන්. මිලි ලීටර් 100 ක 75 mg ට වඩා කොපමණ අඩු දැයි සොයාගන්න බැහැ. මෙම ඖෂධයේ සඳහන් ප්‍රමාණය අඩංගු වුණා නම් අපට කියන්න පුළුවන් 3000 ට වැඩි කියලයි. කොහොමත් 200 mg - 300 mg වෙනකොට අඩුයි කියලා තීරණය කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එහි ඖෂධයේ සඳහන් වෙන්නේ 100ml - 5000mg කියලයි. කොපමණ ඇති කියලා පරීක්ෂාවේදී අනාවරණය වුණාද.
සාක්ෂිකරු ; පරීක්ෂාවේදී තහවුරු වුණේ 100 ml ක 75 mg ට වඩා අඩු ප්‍රමාණයක් අඩංගු බවයි. 75 ට වඩා කොපමණ අඩුද කියන්න බැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්රිය ; ඔබ මේ ගැන වාර්තාවක් දුන්නද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙයට අදාලව ........ කූලර් පරීක්ෂාව කළේ කවදද?
සාක්ෂිකරු ; 2023 ඔක්තෝම්බර් 20 දින
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සකස් කර ඉදිරිපත් කළේ කාටද?
සාක්ෂිකරු ; NMRA සභාපති ආනන්ද විජේවික්‍රම වෛද්‍ය තුමාට.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; නියාමන අධිකාරියට යැවූ වාර්තාවේ දිනය කවදාද?
සාක්ෂිකරු ; 2023 නොවැම්බර් 14
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; NMRA වෙත එය යැව්වේ ඇයි?
සාක්ෂිකරු ; සාම්පල එතනින් ලැබුණ නිසා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එම සාම්පලය ගැන විස්තරයක් කියන්න
සාක්ෂිකරු ; NMRA ප්‍රධාන විධායක නිලධාරී මට ලියුමක් එව්වා 23/10/12 දින, හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැන පරීක්ෂා කරන්න කියා. එය live health bio farmer මගින් එව්ව එකක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම පරීක්ෂා කළ සාම්පලයේ, අංකය ඇතුළත් කර තිබුණාද?
සාක්ෂිකරු ; 732230401 බැච් අංකය
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ලැබූ ප්‍රතිඵලය එහි ඇතුළත් කළාද?
සාක්ෂිකරු ; IGG ලෙවල් එක හා මිලි ලීටර් 100 ට මිලිග්‍රෑම් 75 ට අඩු බව සඳහන් කළා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කමෙන්ට් කියන කොටසේ ඔබ කියා තිබෙනවා IGG මැනීමට නොහැකි තරම් පහළ මට්ටමක පවතින බව
සාක්ෂිකරු ; ඔව් 75 mg ට අඩු නිසා එහෙම සටහන් කළා. නමුත් නිෂ්පාදකයා සඳහන් කර ඇත්තේ 5g එනම් 5000mg පවතින බවයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ පරීක්ෂා කළ යන්ත්‍රය ගැනත් සටහන් කර තිබෙනවාද?
සාක්ෂිකරු ; ඔව් මෙය පුද්ගලයකුගේ රුධිරය බලන්න තියෙන එකක්. මේ මැෂිම තියෙන්නේ බෝතල් වල තියෙන දෙයක් බලන්න නෙවෙයි. ඒත් බලන්න පුළුවන්.
කොහොමත් මම MRI එකේ වෙන දෙපාර්තමේන්තුවකට යවලා ' සීරම් ඉලෙක්ට්රොපොලයිස් ' කියන පරීක්ෂාව කෙරෙව්වා. කරන්ට් එක යවා ප්‍රෝටීන වල සංඝටක වෙනස් කරන්න පුළුවන්.
එම පරීක්ෂණයේදී හෙළිවුණේේ මෙම IVIG එකේ ප්‍රෝටීන නොමැති බවයි. මෙම සාම්පලයේ 3000mg ට වඩා තිබුණ නම් සේලයින් සමඟ 50% ක් දමා ඩයලූට් කරනවා. එතකොට මේ සාම්පලයේ සදහන් කර ඇති පරිදි 5000mg තිබුණා නම් 50% ඩයලූට් කළ විට ප්‍රතිඵලය ලෙස 2500 පෙන්වාවි. ඒ අනුව එහි 5000 mg ඇති බව තහවුරු වෙනවා.
මෙම සාම්පලයේ තිබුණේ 75 mg ට අඩුවෙන්. සමහර පිළිකා වලින් රෝගීන්ගේ ශරීර තුළ IGG විශාල ප්‍රමාණයක් හදනවා.සමහර ඒවා 5000 MG - 6000MG පමණ හදනවා. එවිට මේ යන්ත්‍රයේ රුධිර පරීක්ෂාවකදී පෙන්වන්නේ 3000 ට වැඩි වශයෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මේ සාම්පලයේ 5000 ක් තියෙනවානේ. ඔබේ යන්ත්‍රයේ පෙන්වන්නේ 3000 ට වැඩි. 75 MG ට අඩුයි කියා ඔබ කීවා. මේ සාම්පලයේ නිෂ්පාදකයා කියන ප්‍රමාණය කිසිසේත්ම විය නොහැකි බව ඔබ පවසන්නේ ඇයි.
සාක්ෂිකරු ; බෙද්මානුකූලර යන්ත්‍රයෙන් බලද්දි 75 g ට අඩුයි . electropolice පරීක්ෂණය කලාම එහි කියන්නේ ප්‍රෝටීන් නැහැ කියලයි.
ප්‍රතිශක්ති ඌනතා ඇති රෝගීන් මට ඉන්නවා මේ අයට දුන්නේ මෙතෙක් වෙනත් IVIG බ්‍රෑන්ඩ් එකක්. එහෙම ලෙඩ්ඩු තුන්දෙනෙක් හිටියා. IVIG ගත් අය. ඇනෆිලයික්සින් ඇති රෝගීන් දෙකක් හා නැති එක් අයෙක් ඔවුන්ගේ මාස එකහමාරකට පසු IGG ලෙවල් එක බැලුවා. 600 - 700 ක් පමන වෙලා තිබිය යුතු නමුත් 388, 211 ක් හා 321 ක් වෙලා තිබුණා. ඔවුන්ට දුන් ලයිව් හෙල්ත් බයෝ ෆාමා මගින් ගෙන්වූ IVIG වලින් ගුණයක් ලැබිලා නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ප්ලාස්මා පරීක්ෂණය කරලා ඌනතා හඳුනා ගත්තද?
සාක්ෂිකරු ; අපි IVIG දීලා මැදදී බැලුවේ එක්කෙනෙක් හොඳටම අඩුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; රෝගීන් තිදෙනාට ලබාදීලා තිබුන IVIG වලින් ප්‍රතිදේහ වැඩිවෙලා නැහැ කියලා නේද කියන්නේ?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; Enterobacteo කියන මයික්‍රෝ ඕගනිසම් වර්ගය කුමක්ද?
සාක්ෂිකරු ; ඒක බැක්ටීරියාවක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කුමක්ද?
සාක්ෂිකරු; සාමාන්‍යයෙන් පරිසරයේ ඇති බැක්ටීරියාවක්. එයින් ප්‍රශ්න ඇතිවන්නේ කලාතුරකින් ප්‍රතිශක්ති වුණතා නැති කෙනෙකුට මේක බලපාන්නේ නැහැ. ........ ඕගනිසම් කියන්නේ ඒනිසයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එයින් විය හැක්කේ කුමක්ද?
සාක්ෂිකරු ; ඌණතා සහිත කෙනෙකුගේ. හෘදය වස්තුවට පෙනහැලු වලට ගොස් ආසාදන ඇති කරනවා. ගෙඩි එනවා. එතකොට ඇන්ටිබයෝටික් දීලා බේරගන්න උත්සාහ කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එවැනි බැක්ටීරියාවක් සහිත IVIG එකේ ප්‍රතිශක්ති ඌනතා ඇති රෝගියාට දුන්නොත් ඇතිවිය හැකි සංකූලතා මොනවාද?
සාක්ෂිකරු ; නියුමෝනියා ඇතිවෙන්න පුළුවන්. මේ බැක්ටීරියා වල පිට කවරයක් තියෙනවා. එහි ඇති ලයිකෝ පොලිසැකරයිඩ් වලින් ඇනෆොලේසිස් හැදෙන්න පුළුවන්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ ප්රතිශක්තිවේදය ගැන විශේෂඥයෙක්. ඔබ නිර්දේශ කරනවද ප්‍රතිශක්ති උනතා ඇති රෝගීන්ට මෙම IVIG දීම?
සාක්ෂිකරු ; කොහෙත්ම නැහැ. ඌණතා සහිත නෙමෙයි. ඌනතා රහිත කෙනෙකුටවත් යෝග්‍ය නැහැ. කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වෙරිය ; මොනොක්ලෝනල් ඇන්ටිබොඩි කියන්නේ කුමක්ද?
සාක්ෂිකරු ; අපේ ශරීරයේ ප්‍රතිදේහ මිලියන ගණනක් තිබෙනවා. වෙන වෙන අංශුවලට වෙන වෙනම ඒවා හැදෙන්නේ. එයින් එක් අංශුවකට විතරක් සම්බන්ධ වෙන ප්‍රතිදේහ මොනක්ලෝගල් ප්‍රතිදේහ කියනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; ඇයි මොනොක්ලෝගල් ඇන්ටිබොඩි පිටින් දෙන්නේ?
සාක්ෂිකරු ; රිටක්සිමැබ් බලමු. පිළිකා රෝගයන්ට විශේෂයෙන් රුධිර පිළිකා, ලිමිපෝටා ඇති රෝගීන්ට දෙනවා. CD 20 කියන අංශුව සෛල විනාශ කරන්න පුළුවන්. රූමටයිප් ආතරයිටිස් වල සිටොඇන්ටිබොඩි හදලා හන්දි විකෘති කරන්න පුළුවන්. අන්න ඒ බී සෛල විනාශ කරන්න රිටක්සිමැබ් වලට පුළුවන්.
එන්ටි පැතොඩින් හේතුවෙන් වකුගඩු නරක් වෙන්න පුළුවන්. ඒකට රිටක්සිමැබ් දීලා සුවයක් ලබාගන්න පුළුවන්. රිටක්සිමැබ් වැනි ඖෂධ සිය ගණනක් තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එවැනි ඖෂධයක් දීමේදී ඒ තුළ ඇති මොනොක්ලෝගල් ඇන්ටිබොඩි තිබීම අනිවාර්ය ද ?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙම නැති වුනොත්?
සාක්ෂිකරු ; වසා ගැටිති පිළිකාවක් තියෙන ලෙඩෙක් නම් රුධිර පිළිකාවට එය පාවිච්චි කරනවා. එම ඖෂධ ප්‍රමිති ගත නැත්නම් රෝගීන්ට මරණය වුණත් එන්න පුළුවන්. ඒ නිසා මොනොක්ලෝගල් ඇන්ටිබොඩි තිබීම අත්‍යවශ්‍යයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; රිටක්සිමැබ් රෝගීන්ට ලබා දීමේදී එය ප්‍රමිති ගත බව බලාගන්න හොඳම විදිහ මොකක්ද?
සාක්ෂිකරු ; හදන තැන පරීක්ෂා කළ යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ අයිකෝ නම් වූ ඉන්දියානු සමාගමක නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවන්න සුරක්ෂා කමිටුවේදී තීරණය කළා නේද?
සාක්ෂිකරු ; ඔව් මුලදි විත්හෝල්ඩ් කළා. ත්‍රිකුණා මලයේ රෝගියෙකුට අයිකෝ IVIG දෙද්දි රෝගියා මලා. අධ්‍යයනය කරද්දි අපි දැක්කේ ඉමියුනෝග්ලොබියුලීන් දීමේ ඇතිවන තත්ත්වයක් වෙන්න පුළුවන් බවයි. නිර්වින්දන වෛද්‍යවරයා ඇතුළු ටීම් එකක් එක්ක සූම් තාක්ෂණයෙන් සාකච්ඡාවක් කළා. නමුත් MNAQL එකේ පරීක්ෂා කළා. ඉන්පසු ඖෂධය Withdraw කළා.
පසුව දැනගත් පරිදි රුධිර පාරවිලයනය කරද්දී හෝ IVIG දෙද්දි, නියුට්රෝෆිල්ස් උත්තේජනය කරන නිසා කෙමිකල් එළියට එනවා. එයින් සෛල විනාශ කිරීම නිසා වායුකෝෂ වලට දියර එක් වෙනවා. මේක IVIG ප්‍රශ්නයක් නෙමෙයි කියලා දැනගත්තේ එන්ඩෝක්සින් තිබුන නිසා NMRA තත්ත්ව රසායනාගාරයේදී Withdraw කළේ. නමුත් ඉන්දීය රසායනාගාරයකින් දුන්න වාර්තාවක එන්ඩොටොක්සින් නැහැ කියලා තියෙනවා . එය තියෙනවා කියලා පේන්නේ බීටා අග්ලූකෑන් IVIG වලත් තියෙන නිසාය, ඒ බව බ්‍රිටීෂ් ෆාමකෝපියාවලත් තියෙනවා. බීටා ග්ලූකෑන් නියුට්‍රලයිස් කළා නම් එන්ඩෝටොක්සින් පෙන්නන්නෙ නැතිය කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඉන්පසු කමිටු තීරණය ගැන මොකද කළේ?
සාක්ෂිකරු ; අපිත් බීටා ග්ලූකෑන් නියුට්‍රලයිස් කරලා බැලුවා. ඒක හරි. ඒ නිසා විඩ්‍රෝවල් එක අයින් කළා.
විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගල ආරම්භ කළේය.
නීතිඥ ; ඔබ IVIG ගැන පැහැදිලි කිරීම් කරද්දී කී කරුණු කීපයක් තිබුණා. එහිදී ඔබ කිව්වා ඌනතා සහිත රෝගීන් ජානමය වශයෙන් තියෙන අය ඉන්නවා කියලා. එවැනි රෝගීන් ඔබේ අංශයෙන් පරීක්ෂා කරනවද?
සාක්ෂිකරු ; එම රෝගීන් හඳුනාගන්නේ අපි ප්‍රතිකාර අවශ්‍ය නම් ඒවා නිර්දේශ කරන්නේ අපි. IGG දෙන විදිය සමහරුන්ට ජීවිත කාලය තුළම ප්‍රතිජීවක දීම, තවත් අයට ඇට මිදුළු බද්ධය නිර්දේශ කරන්නේ අපි.
නීතිඥ ; ඔබේ නිර්දේශ මත ඉදිරි කටයුතු සඳහා ක්‍රියාත්මක වෙනවද වෛද්‍යවරු
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; එවන් රෝගීන් කාලානුරූපව යළිත් ඔබ ළඟට එනවද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔවුන් ගැන දත්ත ගොනුගතව තියෙනවද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ජානමය වශයෙන් ප්‍රතිදේහ ඌනතා තියෙන රෝගීන්ට ඔබ ප්‍රතිකාර නිර්දේශ කරනවද?
සාක්ෂිකරු ; ඔව්, ප්‍රතිකාර , ඖෂධ අපි තමයි නිර්දේශ කරන්නේ ඒක අදාළ රෝහලෙන් කරගන්න හදල දෙනවා.
නීතිඥ ; ඒක රෝහලක් තුළ කළ යුතුයි.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; පුද්ගලික රෝහල්වල කරනවද?
සාක්ෂිකරු ; මම හිතන්නේ කරනවා.
නීතිඥ ; ජානමය ප්‍රතිශක්ති ඌනතා ඇති රෝගීන්ට පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර කර ගත හැකිද?
සාක්ෂිකරු ; අපේ රෝගීන්ට නම් ප්‍රතිකාර කරන්නේ රජයේ රෝහල්වල
නීතිඥ ; ප්‍රථම වතාවට සංකූලතා වාර්තා වුණේ IVIG ගැන 2023 සැප්තැම්බර් 23දා. ඒ කුමන රෝහලෙන්ද?
සාක්ෂිකරු ; මාතලේ රෝගීන් දෙන්නෙක්. එක රෝගියෙක් මම ඩයග්නෝස් කරපු කෙනෙක්.
නීතිඥ ; එම තත්ත්වය වාර්තා කළේ කවුද?
සාක්ෂිකරු ; ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයා
නීතිඥ ; මේ තත්ත්වය වාර්තා වෙලා තියෙන්නේ කවදද?
සාක්ෂිකරු ; 2023 සැප්තැම්බර් 4දා
නීතිඥ ; whatsapp ඡායාරූප දින 16කට පසු ලැබුණා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඇනෆලයිසිස් ස්ථත්වය ඇතිවුනදාට පසු දින වාර්තා වුණා ඔබ නිර්දේශ මත ප්‍රතිකාර නොලබන රෝගියෙක්.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබ ප්‍රතිකාර නොකරන තව රෝගියෙක් සැප්තැම්බර් හය දින වාර්තා වුණා
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබ විසින් අධීක්ෂණය නොකරන රෝගියකුත් සංකූලතා ඇතිවුන බව කීවා. ඒ කවදද?
සාක්ෂිකරු ; සැප්තැම්බර් මුල විය යුතුයි. මීට කලින් දිනයක් විය යුතුයි. MRI එකේ දත්ත ඇති.
නීතිඥ ; ඔබ මූලික සාක්ෂි දෙද්දි කිව්වා වට්සැප් හි තොරතුරු හුවමාරු වෙද්දි තාවකාලිකව බෙහෙත නවත්වන්න තීරණය කළා කියලා. ළඟ ළඟ එක රෝහලකින් සිද්ධි වාර්තා වුණ නිසා එසේ කළේ කීවා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඔබ අතැති ලේඛන අනුව 9/6 සිට 9/20 දක්වා ඇනෆලයිසීස් ඇතිවුන බව කියන්න මේ වෙලාවේ ලේඛනයක් නැහැ. ඔබ අධීක්ෂණය කරන රෝගියාගේ සංකූලතා ඇතිවුනේ සැප්තැම්බර් මුල කීවා
සාක්ෂිකරු ; මම ඒක දැනගත්තේ රෝගියා ආවම.
නීතිඥ ; ඒ ලේඛන ඔබ ළඟ නැහැ
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; ඒ වගේම රෝගියෙක් කී බව කීවා . ඔහු ඔබට ඡායාරූප එවූ බව කීවා.
සාක්ෂිකරු ; මට නෙමෙයි MO ට
නීතිඥ ; මෙම ඡායාරූපවලට අදාළ පෙට්ටිය තියෙනවා.බෝතලේ නෑ.
සාක්ෂිකරු ; පින්තූර දෙකක් එවල තිබුණා. අනෙක බෝතලය විය හැකියි.
නීතිඥ ; හරියට කියන්න බැහැනේ
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; රෝගියා මෙම ඡායාරූප ගත්තේ කොහොමද?
සාක්ෂිකරු ; මම දන්නේ නැහැ. බෝතලය දැක්කම අලුත් IVIG එකක් නිසා නර්ස් කෙනෙකුගෙන් හරි කාගෙන් හරි ඉල්ලගන්න ඇති.
නීතිඥ ; ඔබ අවුරුදු 25 ක් පමණ MRI එකේ සේවය කළේ. විශේෂඥතාව අරන් ආවෙත් MRI. රෝහලක රෝගීන්ට ප්‍රතිකාර කරලා තියේද?
සාක්ෂිකරු ; ඔව් මම අවුරුදු පහක් රෝහල්වල සේවය කර තිබෙනවා.
නීතිඥ ; ඔබ දැකල තියෙනවද ඖෂධ ඇසුරුම් රෝගීන් අතට යනවා.
සාක්ෂිකරු ; මේ පෙට්ටිය රහසක් නෙවෙයි, ඒක ගිහින් ඉල්ලුවත් නොදී ඉන්නේ නෑ.
නීතිඥ ; මේ රෝගියා මේක ගත්තු හැටි ඔබ දන්නේ කොහොමද?
සාක්ෂිකරු ; මම දන්නේ නැහැ
නීතිඥ ; ඔබට සෘජුව එව්වේ නැහැ
සාක්ෂිකරු ; මගේ වෛද්‍යවරයාට එව්වේ. මේ රෝගියා මගේ සායනයට ආ රෝගියෙක්. මාතලේ රෝහලේ රෝගීන්ද කිව්වා අලුත් බෙහෙතක් බව.
නීතිඥ ; මේක ඔබට ආවේ පස්සෙනේ. NMRA භාර දුන්නේ කවදද?
සාක්ෂිකරු ; දන්නේ නැහැ
නීතිඥ ; අලුත් නිෂ්පාදන නාමයකින් ඖෂධ එන බව ඔබ දැනුවත් නැහැනේ?
සාක්ෂිකරු ; සැප්තැම්බර් 20 වන තුරු නැහැ
නීතිඥ ; එහෙම දැනුම් දෙන ක්‍රමයකුත් නැහැ
.
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; ඔබ 9/20 තමයි තීරණයක් ගත්තේ මේ බෙහෙත තාවකාලිකව නවත්වන්න. ඉවත් කරන තීරණය ගත්තේ කවදද?
සාක්ෂිකරු ; නිශ්චිතව දන්නේ නැහැ. Withhold කළේ 20 දා. Withdraw කළේ ඔක්තෝම්බර් මාසේ. දවසක වියයුතුයි.
නීතිඥ ; සැපයුම්කරුගේ සැපයුම අත්හිටුවන විට ඔබලාගේ තීරණය මත එය ඔබ CID යටත් කීවා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; ඒ ලේඛනයේ ලියාපදිංචි නොකළ ඖෂධයක් ගැන සාකච්ඡා කර තිබෙනවා. එය ප්‍රධානයක්. ප්‍රධාන ලෙස ලියාපදිංචි නොවූ ඖෂධ ලැබෙනවද?
සාක්ෂිකරු ; ලැබෙනවා කියා හිතනවා.
නීතිඥ ; IVIG ගැන ඔබ ඊලගට කළේ කුමක්ද?
සාක්ෂිකරු ; IGG තිබේද බැලුවා
නීතිඥ ; 10/12 දින ඔබ සාම්පල භාරගත් බවට අත්සන් කර තිබෙනවා. එහිදී නිසි ක්‍රමවේදයකට ලැබුණද ඇහුවම කොහොම තිබුණද මතක නෑ කිව්වා. හරියට නොතිබුනා නම් ගන්නේ නැහැ කිව්වා.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; අදාළ සාම්පල භාර ගැනීමේදී ඒවා තිබුනේ මොන ඇසුරුමකද? මොන විදියටද කියලා දන්නේ නැහැ. සාමාන්‍ය ලේ සාම්පලයක් නම් එවුවට කමක් නෑ.
සාක්ෂිකරු ; IVIG තිබිය යුතු සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක. ඒ විදියට නොගෙන ආවොත් මම ප්‍රතික්ෂේප කරනවා. මට පිටරටත් ලේ සාම්පල යවලා පලපුරුද්දක් තියෙනවා.
නීතිඥ; මම ඔබේ පළපුරුද්ද ප්‍රශ්න කලේ නැහැ. මම ඇහුවෙ සාම්පල ගැන සටහනක් නැද්ද කියල?
සාක්ෂිකරු ; සටහන් කරන්න තැනක් නෑ.
නීතිඥ ; ඔබ මේ පරීක්ෂණ සාම්පල නුවර මාතලේ රෝහල්වලින් ගත්තද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; පරීක්ෂා කරන්න සාම්පල කීයක් ආවද?
සාක්ෂිකරු ; තුනයි
නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් මානව පටක භාවිතයෙන් නිපදවන ඖෂධයක්. එය නිපදවීමේ ක්‍රියාවලිය තුළ එකතු කිරීම හා නිෂ්පාදනයේ වැදගත්කම කීවා නේද?
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; වාණිජ වශයෙන් පටක අලෙවි කරන්න බැහැ.
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; යුරෝපයේ මානව පටක ඇසුරින් නිපදවන ඖෂධ නවත්වල බව දන්නවද?
සාක්ෂිකරු ; දන්නෙ නෑ
නීතිඥ ; ඔබේ වාර්තාව සමඟ අමුණා ඇති දෙක පිටුවේ සඳහන් සීරම් ඉලෙක්ට්‍රොලයිට් මුල් වාර්තාව ලැබුණද?
සාක්ෂිකරු ; එය NMRA එකට යැව්වා.
නීතිඥ ; ඔබ ඉදිරිපත් කර ඇත්තේ ඡායා පිටපතක්. දෙවැනි පිටුව මත ඔබේ අත්සන නැහැ
සාක්ෂිකරු ; ඔව්
නීතිඥ ; මේ පරීක්ෂණ කළේ කවදද?
සාක්ෂිකරු ; 2023/11/08
නීතිඥ ; කොහොමද ඔබ කියන්නේ?
සාක්ෂිකරු ; සාම්පලය ලැබුණේ 9/12. පරීක්ෂණ කළේ 20 දින. මම NMRA ගියේ දාහතර වැනිදා. මම NMRA ගිය නැතුව හිටියේ මේ රිපෝට් එක එනකල්. එය 8 දා එව්වම ඒක අරන් ගියා.
නීතිඥ ; ඔබේ වාර්තාවේ 2023/12/14 කියා තියෙනවා. මේ ලේඛනය පුරාම අත් අකුරින් ලියූ ස්ථාන කීයක් තියෙනවද බලන්න?
සාක්ෂිකරු ; ඔව් , MRI කියලා තියෙනවා
නීතිඥ ; මෙය මුද්‍රණයට පෙර විය යුතුයි. ඔබ මෙය යොමු කළේ NMRA එකේ වෛද්‍ය ආනන්ද විජයවික්රමට විතරද?
සාක්ෂිකරු ; ඔව් හැබැයි පාර්ලිමේන්තුවට ඕන කියල අතිරේක ලේකම් කෙනෙක් ඉල්ලුවා. ඒ අනුව එවකට ලේකම් චන්ද්‍රගුප්තට වාර්තාව යැව්වා.
නීතිඥ ; මේක මොන සමාගමේ මොන තත්ත්වයේද කියලා වාර්තාව බලලා දැනගන්න බැහැ.
සාක්ෂිකරු ; අපි දුන්නේ ඒ සාම්පලය
නීතිඥ ; රෝගීන්ට ලබා දුන් සාම්පල පරීක්ෂාවට ඔබට අවස්ථාව ලැබුනද?
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; ඔබ පිළිගත්තා මහනුවර සංකූලතා වාර්තා වූ රෝගියාට ලබා දුන්න සාම්පලය පරීක්ෂා කළේත් නැහැ කියලා.
සාක්ෂිකරු ; නැහැ
නීතිඥ ; සාම්පල තිබුන තැන ඔබ දන්නේ නැහැ.
සාක්ෂිකරු ; ඔව්.
සභාපති විනිසුරු ; කිසියම් ආසාදනයක් වාර්තා වුණ රෝගියෙකුගේ සාම්පලයක් පරීක්ෂා කර බලලා තියේද?
සාක්ෂිකරු ; නැහැ . IVIG පරීක්ෂා කළ තුන්දෙනාට IGG ඉතාම අඩුයි. එවැනි අයගේ පෙනහළු ආසාදන එනවා. ඒවා සුව කළ නොහැකියි. විෂබීජ ශරීරගතවීම වැඩියි. මට එහෙම රෝගීන් ඇවිත් තියෙනවා. බලන්න දුකයි.
වාසනාවට මේ රෝගීන්ට අසාත්මිකතා ආවේ නැත්නම් අවුරුදු ගණනක් දුන්නට පස්සේ දන්නේ. මේ අයට සංකූලතා ඇතිවුන නිසා තමයි රෝගීන් විශාල පිරිසක් බේරුනේ.
නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ මේ ප්‍රශ්න ගත ඖෂධය ගැන ද්වේශසහගතව සාක්ෂි දෙනව කියලා.
සාක්ෂිකරු ; පිළිගන්නවා. මම සැපයුම්කරු ගැන ද්වේශ සහගතව සාක්ෂි දෙන්නේ නැහැ. objectively මම සාක්ෂි දෙන්නේ
නීතිඥ ; තවදුරටත් යෝජනා කරනවා රෝගීන් ගැන දෙන සාක්ෂි පක්ෂග්රාහී කියලා.
සාක්ෂිකරු ; ප්‍රතික්ෂේප කරනවා.
ඊයේ දිනයේ සාක්ෂි සඳහා දෙවන දිනටත් කැඳවා තිබූ ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා තරමක වෙනස් සාක්ෂිකරුවකු විය. ඔහු නිදහසේ සැහැල්ලුවෙන් පිළිතුරු දුන් අතර අධිකරණයක වීම හේතුවෙන් වෙනත් සාක්ෂිකරුවකු මෙන් කිසිදු තිගැස්මක් තිබුණේ නැත. ඔහු කිසිදු අවස්ථාවක අධිකරණය ආමන්ත්‍රණයේ දී ස්වාමීනි හෝ මැතිතුමනි වදන් නොයෙදීමද කැපී පෙනුන කරුණක් විය.
නඩු විභාගය 24 සඳුදා යළි පැවැත්වේ.



