Latest Posts

කඩුවෙල Auto Group එකෙන් කෝටි ගණනක Hummer EV ජපන් කප්පම් ගේමක්? Peter Hillට සහ Rob Hillට අධිකරණයෙන් දැඩි තහංචි!

ශ්‍රී ලංකාව තුළ විදේශීය සුඛෝපබෝගී වාහනවල වම්පස පැදවුම් (Left-Hand Drive) දකුණුපසට පරිවර්තනය කිරීමේ නිරත කඩුවෙල පිහිටි ප්‍රකට Auto Group (Auto Group International Pty. Ltd.) සමාගම මගින් සිදුව ඇති බව කියන ඇමෙරිකානු ඩොලර් 250,000ක (රුපියල් කෝටි ගණනක) දැවැන්ත ගිවිසුම් කඩකිරීමක් සහ මුල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබේ.

අදාළ ගනුදෙනුව මගහැර කර්මාන්තශාලාව වසාදමා පලායාමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා (19) නිකුත් කළ වාරණ නියෝගය සහ නීතිමය පියවරයන්හි සාරාංශය පහත පරිදි වේ:

  • මහාධිකරණ වාරණ නියෝගය: කඩුවෙල Auto Group සමාගම වසා දැමීම, පැවරීම හෝ අන්සතු කිරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් විත්තිකාර සමාගමට වාරණ නියෝග සහ අතුරු තහනම් දැන්වීම් නිකුත් කර ඇත.
  • විදෙස් ගමන් තහනම: සමාගම පාලනය කරන ඔස්ට්‍රේලියානු ජාතික පිය-පුතු දෙපළ වන Peter Hill සහ Rob Hill ඇතුළු විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබේ.
  • නීතිමය පාර්ශ්වයන්: ඉන්දියාවේ ප්‍රකට Gaup Automotive Technologies Private Limited සමාගම විසින් පැවරූ නඩුවකට අනුව මෙම නියෝගය නිකුත් වූ අතර, පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක, සංජය මාරඹේ සහ චමත් සූරසේන ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වන ලදී.

කෝටි ගණනක Hummer EV පරිවර්තන වංචාව

ඉන්දීය සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ අනාවරණය කළේ, ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද අධි-සුඛෝපබෝගී Hummer EV වර්ගයේ විද්‍යුත් වාහන දෙකක් දකුණුපස පැදවුම් මාදිලියට පරිවර්තනය කර නැවත ඉන්දියාවට ප්‍රති-අපනයනය කිරීම සඳහා විත්තිකාර Auto Group සමාගම ඩොලර් 2,50,000ක මුදලක් ලබාගත් බවයි.

එහෙත් අදාළ කාර්යය ඉටු කිරීමට අපොහොසත් වූ විත්තිකරුවන්, ගිවිසුම පිළිබඳව කළ විමසීම් මගහරිමින් දිගින් දිගටම කාලය මඟහැර තිබේ. පසුව ගිවිසුම අමු-අමුවේ උල්ලංඝනය කරමින් කඩුවෙල කර්මාන්තශාලාව වසාදමා විදේශික අධ්‍යක්ෂවරුන් රටින් පිටවීමට සූදානම් වන බවට කරුණු තහවුරු වී ඇත.

සමස්ත කරුණු සලකා බලමින් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, අදාළ සමාගමේ කටයුතු තහනම් කරමින් එළඹෙන සැප්තැම්බර් 3 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකාර සමාගමට නොතිසි නිකුත් කිරීමටයි.

Latest Posts

spot_imgspot_img