Latest Posts

Crucial Turning Point in Substandard IVIG Trial: Document Tampering and Suspicious Nighttime Phone Calls Revealed in Court

Highly sensitive details came to light when the trial concerning the substandard medication procurement scam, involving former Health Minister Keheliya Rambukwella and eleven others, resumed before the Colombo Trial-at-Bar yesterday (13). Cross-examination of the prosecution’s 155th witness, Nihal Ranjith, a Health Management Assistant at the Medical Supplies Division (MSD), exposed severe document tampering, highly irregular nighttime telephone conversations, and massive systemic loopholes within the state procurement apparatus.

One of the most serious admissions in the trial thus far occurred under cross-examination by Attorney-at-Law Asela Serasinghe, representing the second accused. The witness confessed in open court to removing original documents provided by the first accused regarding the Waiver of Registration (WR) from the official files. The witness, who had previously faced disciplinary inquiries for erasing file records, attempted to justify his actions by claiming that removing the original documents and replacing them with photocopies was done under the instructions of his superiors.

  • Defense Counsel: You mentioned that you replaced the original documents provided by the first accused, which were filed in file number 74, with photocopies.
  • Witness: Yes, My Lord.
  • Defense Counsel: Who gave you those instructions?
  • Witness: The Accountant (Supplies).
  • Defense Counsel: How did you place a minute in the document file marked ‘P-321’, stating that the documents filed by Sudath Janaka were removed and handed over? Were those two documents officially date-stamped and filed in a professional capacity?
  • Witness: Yes, My Lord.

Beyond the document tampering, the defense drew strict attention to suspicious out-of-hours telephone conversations between the witness and the first accused. It was revealed that even during the recording of police statements, these late-night phone calls had been a subject of intense questioning by investigators. Although the witness attempted to portray these communications as routine official requirements, his contradictory answers—feigning ignorance of the overall procurement process—were subjected to rigorous logical scrutiny by the defense.

  • Defense Counsel: You stated that you had phone conversations with the first accused during and outside of working hours. Your statement was recorded precisely because of these unnecessary calls made even during the night.
  • Witness: I spoke for official purposes.
  • Defense Counsel: I suggest to you that you had engagements with the first accused in this case that went far beyond your official scope of duties.
  • Witness: No, My Lord.
  • Defense Counsel: Do you not even know specifically which drug this is about?
  • Witness: No.

A multitude of technical and administrative vulnerabilities within the MSD were further exposed during the cross-examinations led by Attorneys-at-Law Amitha Ariyaratne and Ashoka Serasinghe, appearing for the eleventh and fourth accused respectively. It was established that the witness lacked proper understanding regarding the access limits of the MSD’s highly critical ‘Pronto’ database, as well as the accuracy of the invoices he was processing. Furthermore, the defense pointed out that the fourth accused, Niran Dhananjaya—who allegedly recommended the payment vouchers—was a newly transferred officer to the division at the time, having only about four months of service in that role.

  • Defense Counsel: Was everyone allowed access to the Pronto system?
  • Witness: I don’t know, no. I was given access.
  • Defense Counsel: I suggest that only the Accounts (Supplies) section had the authorization to log into that system.
  • Witness: I do not know.
  • Defense Counsel: He (the fourth accused) is a new officer. If he arrived in January 2023, he was still new by May, wasn’t he?
  • Witness: Yes, My Lord.
  • Defense Counsel: So, he had only worked there for roughly four months.
  • Witness: Yes.

This extensive testimony explicitly substantiated grave allegations: the tampering of original documents outside of institutional protocols, the blatant disregard for approved security procedures, and the maintenance of suspicious extra-official engagements. These revelations imply an institutional complicity that permeated from the lower administrative tiers upward, allowing the defense to successfully argue before the court that the offenses were not solely the result of executive decisions made by higher-ranking officials. The hearing for this highly controversial trial is scheduled to resume today (14).

නඩු වාර්තාව
2026/07/13

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ඊයේ (13) යළි කැඳවූ අවස්ථාවේ සාක්ෂි දීම සඳහා සිව්වන දිනටත් කැඳවා තිබුණේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකරන සහකාර කෝරාධිපති නිහාල් රංජිත් නමැති අයය. ඔහු පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරුය



විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් සාක්ෂිකරු එකොළොස්වන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ අමිත ආරියරත්නගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේ කීවේය.



නීතිඥ ; ඔබ හඳුනා ගත් ලේඛනයෙ තිබූ අත්සන වෛද්‍ය තුසිත සුදර්ශනගේ බව ඔබ කියන්නේ එය දැක පුරුද්දෙන් මිස අත්සන් කරනු දැකලා නෙමෙයි නේද?



සාක්ෂිකරු ; එතුමාගේ අත්සන මම හොඳින් හඳුනනවා



නීතිඥ ; ඔබට විශ්වාසද ඔබ දැක්කද



සාක්ෂිකරු ; නැහැ මම ඒ අත්සන හොඳට හඳුනනවා



නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළළ කරයි



නීතිඥ ; ඔබ ඔය කියන්නේ සමානයි කියන එක නේද?



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; ගැනූම් ඇනවුම් නැවත එන්නේ විෂය භාර ලිපිකරුට නේද? එවිට එය අදාළ සැපයුම් කරුට භාර දෙනවා නේද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; එවිට ඔවුන් එය පරීක්ෂා කරනවද?



සාක්ෂිකරු ; සමහරු පරීක්ෂා කරනවා සමහරු අරන් යනවා



නීතිඥ ; ඔබ පරීක්ෂා කරනවද



සාක්ෂිකරු ; අඩුපාඩු තියනවනම් අත්සන් නොකර නැවත අප වෙත එවනවා. සම්පූර්ණ කරලා දෙන්නේ අඩුපාඩු නැති නිසා. ඒ නිසා අපට ආවාම අපි සැපයුම්කරුට දෙනවා.



නීතිඥ ; ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුල් වෙන්න හැමෝටම ඉඩ දීලා තිබුනද?



සාක්ෂිකරු ; දන්නේ නැහැ නැහැ. මට දීලා තිබුණා



නීතිඥ ; ඔබ හංගනවා. මම යෝජනා කරනවා ඒ පද්ධතියට ඇතුල් වෙන්න එකවුන්ට් සප්ලයිට පමණයි අවසර තිබුණේ



සාක්ෂිකරු ; මම දන්නේ නැහැ



නීතිඥ ; ඔබ කියන්න හදන්නේ ඔබට අවසර දීලා තිබුණා කියන එක පමණයි



සාක්ෂිකරු ; මටත් දීලා තිබුණා



නීතිඥ ; පිටස්තර අංශවලට දුන්නද නැද්ද කියල ඔබ දන්නවද?



සාක්ෂිකරු ; නැහැ මම දන්නේ නැහැ



නීතිඥ ; මම යෝජනා කරනවා ඒ ලේඛන සකසන නිලධාරීන්ට පමණයි කියා



සාක්ෂිකරු ; නිලධාරීන්ට දීලා තිබුණා. මටත් දීලා තිබුණා



නීතිඥ ; පර්චස් ඕඩර් එකේ මුල් පිටුවේ, භාරගත් අය සටහන් දාලා තියෙනවා.



සාක්ෂිකරු ; මොකක්ද දාපු සටහන



නීතිඥ ; මට පැහැදිලි නෑ



සාක්ෂිකරු ; දෙවැනි පේළියේ නම අඳුනනවද?



සාක්ෂිකරු ;ජනක වාගෙයි.



නීතිඥ ; සුදත් ජානක වෙන්න පුලුවන්ද



සාක්ෂිකරු ; පුළුවන්



නීතිඥ ; ඊළඟ පේළියේ කියන්නේ මොකක්ද?



සාක්ෂිකරු ; නම නිශ්චිතව කියන්න බැහැ



නීතිඥ ; ඩී අකුරෙන් පටන් ගන්නව වගේ නේද ?



සාක්ෂිකරු ; ඩිරෙක්ට වගේ ස්වාමීනී



නීතිඥ ; ඊළඟට I අකුරෙන් පටන් ගෙන වචනයක් තියෙනවා. බී එකක් තියෙනවා



නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරුද්ධ වේ



සාක්‍ෂිකරුට අකුරු ටික පැහැදිලි නැහැ



සාක්ෂිකරු ; පැහැදිලි නැහැ ස්වාමීනි



නීතිඥ ; AG කියලා තියෙනවා නේද



සාක්ෂිකරු ; සමහර විට වෙන්නපුළුවන්



නීතිඥ ; කවුද මේක ගත්තේ?



සාක්ෂිකරු; වෛද්‍ය සැපයුම් ඒකකය



නීතිඥ ; පැ 334 ලේඛනය බලන්න. පර්චස් ඕඩර් කියලා එකක් තියෙනවා



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; ICL යටතේ එන සැපයුම්කරුවන් යුනික් අංකයක් ගත යුතු බව සඳහන් එකක් ද?



සාක්ෂිකරු ; නැහැ



නීතිඥ ; ඔබේ සාක්ෂියේදී කියවුනා ලියාපදිංචි නොවූ අය සැපයුම්කරුවන් ලෙස සිටින බව. ICL යටතේ සිටින අය WR ගත යුතු බව



සාක්ෂිකරු ; WR හෝ ලියාපදිංචිය සහතිකය තිබිය යුතුයි.



නීතිඥ ; ඔබ ලබා දී ඇති සාක්ෂි අනුව වව්චර් හා ඉන්වොයිස් ගැන කියවුනා. ඔබ ඉන්වොයිස් වව්චර් ගැන දන්නවානේ.



සාක්ෂිකරු ; මම හදපු වව්චර් ගැන දන්නවා



නීතිඥ ; අධිකරණයට ලකුණු වී ඇති ඉන්වොයිසි වල ඔබේ අත්සන තිබෙනවා



සාක්ෂිකරු ; ඔව් 344, 341 , 338, 336 වගේ ලේඛනවල තිබෙනවා



නීතිඥ ; ඒ අත්සන් තබා ඇත්තේ මුද්‍රාවක් මත.



සාක්ෂිකරු ; ඔව් ඒ price confermation පරිගණක පද්ධතියට ඇතුල් කරද්දී තබන අත්සන්.



නීතිඥ ; මොනවද එහිදී බලන්නේ?



සාක්ෂිකරු ; ගැනුම් ඇණවුම් අංකය මට වැදගත්. එය ඇතුල් කළාම පද්ධතිය මට ඉන්වොයිසිය ලබා දෙනවා. මම ඒකක වල ඇතුල් කළ යුතුයි.





නීතිඥ ; price conform සීල් එකට වම් පැත්තෙන් කොටසක් තියෙනවා නේද?



සාක්ෂිකරු ; ඔව් ...... Issued to Isoles biotec pharma කියලා තියෙනව



නීතිඥ ; කවුද මේක සටහන් කරන්නේ?



සාක්ෂිකරු ; සැපයුම්කරු



නීතිඥ ; ඒ වගේම live at Biopharma ෆාමා කියලා තියෙනවා නේද ?



සාක්ෂිකරු ; පිළිගන්න පුළුවන් ස්වාමීනී



නීතිඥ ; ඉන්වොයිස් පත්‍රයේ පැහැදිලිවම නිෂ්පාදනය කරන රට කියලා තියෙනවද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; ඒ වගේම කොටු සීල් එක යට අත්සන් තබා තිබෙනවා.



සාක්ෂිකරු ; එසේය ස්වාමීනී



නීතිඥ ; එහි ඩිරෙක්ට සේල්ස් කියා තියෙනවා



සාක්ෂිකරු ; එසේය ස්වාමීනී



නීතිඥ ; සැපයුම්කරු එම තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. ගෙවීම් වව්චරය ගැන ඔබෙන් මූලික සාක්ෂියේදී ඇසුවා.



සාක්ෂිකරු ; එසේය ස්වාමීනී



නීතිඥ ; අදාල කරගත් ලේඛනය අනුවද?



සාක්ෂිකරු ; එසේය ස්වාමීනී



නීතිඥ ; පැ 341 බලන්න. එහි ඉන්වොයිසිය කාගෙද?



සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා



නීතිඥ ; 341 කාටද



සාක්ෂිකරු ; අයිසොලේස් බයෝ ෆාමා



නීතිඥ ; මේ ගෙවීම් වවුචරය සකස් කළේ නසීර් මහතාද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි .



නීතිඥ ; සාක්ෂිකරු ඔබ රාජකාරී වෙලාවෙත් දුරකථන ඇමතුම් ගත්තා නේද? ඔබේ රාජකාරි ඉවර වෙන්නේ කීයටද?



සාක්ෂිකරු ; මම රාත්‍රී රාජකාරිවලත් යෙදෙනවා. කොවිඩ් සමයේ එක දිගට රාත්‍රී රාජකාරි කළා.



මෙම නඩුවේ සිව්වන චූදිත වෛද්‍ය සැපයුම් ඒකකයේ ඝනකාධිකාරී (සැපයුම්) මරක්කළ මාන්නගේ නිරාන් ධනංජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.



නීතිඥ ; ඔබ දන්නවද ඔය නඩුව පවරලා තියෙන්නේ මොන හේතුවක් මතද කියලා?



සාක්ෂිකරු ; නැහැ



නීතිඥ ; අඩුම ගණනේ MSD නිලධාරීන්, මේ නඩුවේ ඉන්නවා කියලවත් දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නඩුවක් තියෙනවා කියලා දන්නවා.නිශ්චිතව දන්නේ නැහැ.



නීතිඥ ; ඔබ රාජකාරි කරලා තියෙනවද? රාජකාරිය හැර පෞද්ගලිකව දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නැත ස්වාමීනි, ගොනුවල තිබෙන දේ පමණයි දන්නේ.



නීතිඥ ; ඔබ 2023 දී කොහෙද හිටියේ?



සාක්ෂිකරු ; සැපයීම අංශයේ



නීතිඥ ; හතරවන විත්තිකරුත් සිටියාද එහි?



සාක්ෂිකරු ; ඔහු 2023 වෙද්දි ඇවිත් වැඩි කාලයක් නැහැ. එම නිසා ඒ වෙනකොට දන්නේ කෙටි කාලයක්.



නීතිඥ ; රිටක්සිමැබ් කියන ඖෂධය සලකුණු කළා කියලා දන්නවද?



සාක්ෂිකරු ; එසේය ස්වාමීනී



නීතිඥ ; ඒක ප්‍රශ්න ගත වුණ බව දන්නවද?



සාක්ෂිකරු ; මූලික සාක්ෂි දීමේදී හරස් ප්‍රශ්න වලදී හා නඩුව අදාළ කටයුතු වලදී දැනගත්තා



නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් හා රිටක්සිමැබ් ගැන දන්නවද?



සාක්ෂිකරු ; විශේෂිතව දන්නේ නැහැ



නීතිඥ ; නඩුවේ සාක්ෂි දෙන්නේ නොදැනද?



සාක්ෂිකරු ; ඖෂධ දෙකක් සම්බන්ධ බව දන්නවා.



නීතිඥ ; එහි ප්‍රසම්පාදන කටයුතු කළා නේද කොහෙන්ද බඩු අරන් දෙන්නේ කියලා දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ගෙන්



නීතිඥ ; නඩුවට අදාළ ඖෂධ දෙක සෘජුවම මිලදී ගත්තා නේද?



සාක්ෂිකරු ; මේක MSD නැතිව ප්‍රසම්පාදන වුණ එකක් කියලා දන්නවා.



නීතිඥ ; සැපයුම් ලෙස ප්‍රසම්පාදනය වුණ එකක් නඩුවට අදාළ ඖෂධ දෙක ප්‍රසම්පාදන කටයුතුවලට එන්න ඉඩක් තිබුණද?



සාක්ෂිකරු ; කෙලින්ම කියන්න බැහැ



නීතිඥ ; ඔබ සෘජුව සම්බන්ධ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ



නීතිඥ ; ගෙවුම් ඇනවුම් හදන්නේ කවුද?



සාක්ෂිකරු ; විෂය ලිපිකරුවෙක් විසින්. 334 ගැනුම් ඇනවුමක්



නීතිඥ ; මට පැහැදිලි කරන්න එය යම් ලේඛනයක පිටපතක්ද?



සාක්ෂිකරු ; දන්නේ නැහැ



නීතිඥ ; පද්ධතියේ දත්ත වෙනස් කරන්න ඔබට පුළුවන්ද?



සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි



නීතිඥ ; ගොනුව ඉදිරියට යද්දී වෙනත් අයෙකුට වෙනස් කළ හැකිද?



සාක්ෂිකරු ; එය දන්නේ නැහැ. නමුත් ගොනුව වෙනස් කළ යුතු නම් අපට ආපසු එවනවා.



නීතිඥ ; මම යෝජනා කරනවා නඩුවට අදාල ඖෂධ ගැන ගැනුම් ඇණවුමක් තියලා නැහැ කියා.



සාක්ෂිකරු ; නිශ්චිතව කියන්න බැහැ



නීතිඥ ; බලයලත් නිලධාරීන් අත්සන් කරලද?



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; හතරවන චූදිතද?



සාක්ෂිකරු ; නැහැ ඔහුගේ නම මෙහි නැහැ



නීතිඥ ; නිරන් දනංජය ඒ කාලේ මෙතැන සේවය කළේ නැද්ද?



සාක්ෂිකරු ; මම දන්නා තරමින් මේ ලේඛණයට සම්බන්ධ නැහැ



නීතිඥ ; ගැනුම් ඇනවුමට සම්බන්ධ අනෙක් ලේඛනය වන වව්චරය 334 ට සම්බන්ධ වවුචරය 339 බලන්න. මේක වවුචරයක්. ගැනුම් ඇනවුමක් ලබා ගන්නට තවත් ලේඛන අවශ්‍යද?



සාක්ෂිකරු ; ඔව් GRN එකක් අවශ්‍යයි.



නීතිඥ ; වවුචරය යන්නේ ඔබේ අංශයට. ඔබ අනෙක් ලේඛන භාරගත් පසු GRN හැර අවශ්‍ය වෙන්නේ මොනවාද?



සාක්ෂිකරු ; සමහර දේවල් අවශ්‍ය වෙනවා



නීතිඥ ; මූලික කරුණු ගැන සැලකිලිමත් වෙලාද ඒක බාර ගන්නේ?



සාක්ෂිකරු ; අදාළ නිලධාරියාගෙන් අහන්න ඕන



නීතිඥ ; GRN නැතිව වවුචරයක් සකසා ඉදිරිපත් කරන්නේ නැද්ද?



සාක්ෂිකරු ; වව්චරයක් සැකසීමේදී GRN තිබිය යුතුයි



නීතිඥ ; 337 කියන්නේ ඔබේ අංශයෙන් නිකුත් කරන වවුචරයක්. ඒකෙන් පුළුවන්ද හතරවන විත්තිකාර නිරාන් ධනංජයගේ සම්බන්ධය.



සාක්ෂිකරු ; ඔව් පුළුවන් නිර්දේශ කරන්නේ ඔහු.



නීතිඥ ; මෙය නිර්දේශ කරලා තියෙන්නේ කවුද?



සාක්ෂිකරු ; ඔව් ඔහු තමයි



නීතිඥ ; අනුමත කරන්නේ කවුද? අතිරේක ලේකම්ද?



සාක්ෂිකරු ; ඔව් ඔහු තමා ස්වාමීනී



නීතිඥ ; ඔහු සිටින්නේ හතර විත්තිකරුට වඩා ඉහළ නිලයකද?



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; ඊට පහළ නිලයක නසීර් මහතා ඉන්නවා නේද?



සාක්ෂිකරු ; ඔව්‍ ස්වාමීනි



නීතිඥ ; ගැනුම් ඇනවුමකට නිර්දේශ ලද පසු තවත් පියවර කිහිපයක් තිබෙනවා.



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; වව්චරයකට ඉන්වොයිස් ඕනද?



සාක්ෂිකරු ; අවශ්‍යයි ස්වාමීනි



නීතිඥ ; ආධාර හා ප්‍රධානත් පද්ධතියට ඇතුල් කරනවද?



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; ඇයි නිකම් දෙද්දිත් ගැනුම් ඇනවුම් දමන්නේ?



සාක්ෂිකරු ; පද්ධති ගත කිරීමට එපමණක් නෙවෙයි වෙනත් හේතූන්ද තිබෙනවා



නීතිඥ ; ප්‍රසම්පාදන අස්ථිතීන් awording letter වගේ දේවල්ද?



සාක්ෂිකරු ; පැහැදිලිවම දන්නේ නැහැ.



නීතිඥ ; ගැනුම් ඇනවුම් හා වව්චර් සැලකීමේ දී ඔබේ සෘජු දායකත්වයක් තිබෙනවාද?



සාක්ෂිකරු ; නැහැ



නීතිඥ ; වෙනම ප්‍රසම්පාදන අස්තීන් වන්නේ මිලදී ගැනීම් කළ විට වව්චර සැකසීමට ඔබ දායක වෙනවද?



සාක්ෂිකරු ; මම මේ ඖෂධ දෙක ගැන නිශ්චිතවම දන්නේ නැහැ



නීතිඥ ; මේ නඩුව මොන කාරණයක් නිසාද කියලවත් දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ



නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවවත් කිව්වෙ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ



නීතිඥ ; ඔබ නිෂ්කාශනය දන්නෙත් නැහැ. කුමන ඖෂධ ගැනද කියන එකවත් දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී



නීතිඥ ; මේ සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වුනා පසුගිය දවස්වල



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; එහිදී වුනේ මොනවද කියලවත් දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; ඒ කරුණු මොනවාදැයි ගොනු කරගෙන නැහැ



නීතිඥ ; නිශ්චිතව අහවල් ඖෂධය ගැන කියලවත් දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ





නීතිඥ ; හතරවන විත්තිකරු එක්ක එකට වැඩ කරලා තිබේද



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; ඔහුගේ රාජකාරි ගැන දන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී



නීතිඥ ; නිලධාරීන්ට හුදෙකලා තීරණ අරන් සේවය කරන්න බැහැ නේද?



සාක්ෂිකරු ; බැහැ



නීතිඥ ; ඖෂධ එක සිය ගණනක් සැපයීමට ආයතන කීයක් තිබුණද?



සාක්ෂිකරු ; 26 ක් තිබුණා



නීතිඥ ;WR ලබා ගැනීමට ඔබේ ආයතනය හරහා ඉල්ලා සිටින්නට ඔබෙන් ඉල්ලීමක් කළාද?



සාක්ෂිකරු ; නැහැ. ඔහු WR ඉල්ලා ලිපි දෙකක් අපේ ආයතනයට භාර දුන්නා. එය මම ඝණකාධිකාරීවරයාට භාර දුන්නා.



නීතිඥ ; ඔබ කියන්නේ ඔබ බාරගත්තා කියලද?



සාක්ෂිකරු ; ශාඛාවට භාර දීලා තිබිලා එය මට යොමු කර තිබුණා



නීතිඥ ; WR සඳහා යම් නිර්දේශයක් MSD කරන්න ඕනද?



සාක්ෂිකරු ; මම දන්නෙ නැහැ



නීතිඥ ; ඔබට ඒවා නැවත ආවේ කෙසේද?



සාක්ෂිකරු ; මම මුල් ලේඛන දෙක ඉවත් කළා. එසේ කරන්නට කණකාධිකාරී සැපයුම්ගෙන් උපදෙස් ලැබුණා.



නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ බොරු කියන්නේ කියලා. ඔබ ළඟ තියාගෙන ඉඳලා පළමු චූදිතට දුන්නා.



සාක්ෂිකරු ; නැහැ මම සටහන් යොදා ගනකාදීකාරී සැපයුම්ට දුන්නා.



නීතිඥ ; ඔහු අලුත් නිලධාරියෙක්. 2023 ජනවාරි ආවා නම් මැයි වන විට ඔහු අලුත් නේද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; එතකොට දළ වශයෙන් මාස හතරක් විතර තමයි වැඩ කරලා තියෙන්නේ.



සාක්ෂිකරු ; ඔව්





දෙවන චූදිත වෛද්‍ය සැපයීම ඒකකයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.





නීතිඥ ; දෙවන චූදිත අධ්‍යාපන කටයුතු සඳහා අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත්ව විදේශගතව සිටින බව ඔබ දන්නවාද?



සාක්ෂිකරු ; ඉවත් වූ පසුවයි දන්නේ විදේශගත වූ බව



නීතිඥ ; ඔබ විසින් කළ රාජකාරි ගැන වගකීමෙන් සාක්ෂි දෙන්න පුළුවන්ද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. 97 ගොනුවේ ඇති පැ 25 1 ලේඛනය සතිෂ් කුමාර මහතා විසින් පරිගණක ආධාරයෙන් මුද්‍රණය කළේ.



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; ඔහුට බලය පැවරී තිබුනද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; 106 ගොනුවේ පැ 310 ලේඛනය ගැනුම් ඇනවුමක් නේද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; ඔබ සඳහන් කළා ඖෂධ MSD එකට ලැබෙන විට කරන දේ. price confermation කර සැපයුම්කරු අදාල සමස්ත තොගය MSD එකට ගෙන එද්දි සාම්පල් හා ලේඛන පෙන්වනවා නේද?



සාක්ෂිකරු ; අප ළඟට එන්නේ මිල තීරණය සඳහායි



නීතිඥ ; මම යෝජනා කරනවා ඔවුන් ගැනුම් ඇනවුම් WOR ඇතුළු වෙනත් සහතික රැගෙන එන බවට.



සාක්ෂිකරු ; තොග පාලන අංශයට ඒවා අවශ්‍ය නැහැ



නීතිඥ ; පැ 377 කියන 92 ගොනුවේ ඇති invoice පත්‍රය බලන්න. ඔබ වෙත ප්‍රයිස් කන්ෆර්ම් කිරීමට එන්න කලින් යොදන මුද්‍රා තොග පාලක නිලධාරී හා සහකාර අධ්‍යක්ෂ යොදන කොටු මුද්‍රාව තිබෙනවාද බලන්න?



සාක්ෂිකරු ; තිබෙනවා ස්වාමීනී. තොග පාලන නිලධාරී සහ සහකාර අධ්‍යක්ෂ නොදැන කොටු මුද්‍රාව තබන්න තමයි සාම්පල හා ලේඛන පරීක්ෂා කර බලා ඉදිරි කටයුතු වලට යොමු කරන්න යෝජනා කරන්නේ. ඒ ලේඛන සියල්ල පරීක්ෂා කර සෑහීමකට පත් වුනොත් කොටු මුද්‍රාව යොදා ඉදිරි කටයුතුවලට ඉදිරිපත් කරනවා.



නීතිඥ ; consistance inspection unit හි කටයුතු කෙරෙන්නේ ඉන් පසුවද?



සාක්ෂිකරු ; මට ඒ ගැන නිශ්චිතව කිව නොහැකියි



නීතිඥ ; මොකක්ද මේ කන්සිස්ටන්ස් inspection ක්‍රියාවලිය



සාක්ෂිකරු ; මම දන්නේ නැහැ



නීතිඥ ; ඔබ දන්නවා ඔබට එන්න කලින් තොග පාලන නිලධාරි හා සහකාර අධ්‍යක්ෂකගේ පරීක්ෂාවට ලක්වෙන බව



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; ඉන්පසු price confermation වලට ආවම ඔබේ රාජකාරී නිවැරදිව කරලා දෙනවද?



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; ඔබ ඉන්වොයිස් එක පරීක්ෂා කිරීමට පද්ධතිය භාවිතා කරනවා.



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; මේ සෑම ඉන්වොයිසියක්ම පරීක්ෂා කර බලා ඔබත් තොරතුරු පද්ධතියට ඇතුල් කරනවා



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; ඔබට සෑහීමකට පත්විය නොහැකි නොගැලපෙන දෙයක් තිබුණත් ඔබ මුද්‍රාව තබන්නේ නැද්ද?



සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී



නීතිඥ ; ඔබේ කටයුතු අවසන් වූ පසු GRN ලබා ගන්නවා.



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; නිලධාරීන් දෙන්නයි GRN කරන්න කියා මම යෝජනා කරනවා.



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි



නීතිඥ ; සහකාර අධ්‍යක්ෂ කෙනෙකුත් එතන ඉන්නවා



සාක්ෂිකරු ; ඔව්



නීතිඥ ; සියල්ල කළ පසු GRN දෙන්නේ



සාක්ෂිකරු ; ඒ ගැන මම දන්නේ නැහැ



නීතිඥ ; පැමිණිල්ල අහද්දි හැම ලේඛනයක්ම පැකිලෙන්නේ නැතිව අඳුර ගත්තා.



සාක්ෂිකරු ; ඔව් හඳුන ගත්තා ස්වාමීනී



නීතිඥ ; ඔබ සඳහන් කළා පළමු චූදිත සමඟ රාජකාරි කාලවල හා වෙනත් වෙලාවන්හි දුරකථන සංවාද කළ බව. ඔබෙන් ප්‍රකාශ සටහන් කර ගත්තෙත් රාත්‍රී කාලයන්හි පවා අනවශ්‍ය ලෙස කතා කර තිබීම නිසා බව.



සාක්ෂිකරු ; රාජකාරී සඳහා කතා කළා.



නීතිඥ ; ඔබ සඳහන් කළා ඔබ විසින් 74ගොනුවට ගොනුකොට තිබූ පළමු චූදිත විසින් ලබා දුන් මුල් ලේඛන වෙනුවට ඡායා පිටපත් යෙදූ බව.



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; කවුද උපදෙස් දුන්නේ?



සාක්ෂිකරු; ගණකාධිකාරී සැපයීම



නීතිඥ ; ඔබ විනය විරෝධී කටයුතු කරලා විනය පරීක්ෂණවලට ලක් වුන කෙනෙක්



සාක්ෂිකරු ; එක්තරා ගොනුවක සටහන් මැකුව කියලා පරීක්ෂණයක් පැවැත්වුවා.



නීතිඥ ; ගොනුවල කොළ ගලවලා පුරුද්දක් තිබෙනවා.



සාක්ෂිකරු ; මම නිවැරදිව එය කළා



නීතිඥ ; පැ 321 ලේඛන ගොනුවේ ඔබ මිනිට් එකක් යොදලා කොහොමද සුදත් ජානක විසින් ගොනු ගත කළ ලේඛන ගලවා භාරදුන් බවට මිනිට් දැම්මේ? ඔය කියන ලේඛන දෙක රාජකාරී මට්ටමෙන් දින මුද්‍රා තබා ගොනුගත කළ ඒවාද?



සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී



නීතිඥ ; කිසිම මිනිට් එකක් නැතිව ගලවලා දුන්නද?



සාක්ෂිකරු ; මම සටහන් දැම්මා



නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ කිසිම උපදෙසක් නැතිව මේක කරලා තියෙන්නේ.



සාක්ෂිකරු ; නැහැ එම සටහන් දාලා ......



නීතිඥ ; ඔබ මේ නඩුවේ පළමු චූදිත සමග රාජකාරි වපසරියට පිටින් ගිය රාජකාරියක් තිබෙන බවට මම යෝජනා කරනවා



සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නඩු විභාගය අද (14) යලිත්.

Latest Posts

spot_imgspot_img