“ෂී ජින්පිං – චීන පාලන තන්ත්රය”ග්‍රන්ථයේ 5වන වෙළුම එළි දැක්වීමේ උත්සවයක් අද කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ චීනය, නවීකරණ ක්‍රියාමාර්ගයේ අත්වැල් බැදගෙන ගමන් කිරීම වෙනුවෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම එම උත්සවයේ තේමාවයි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග්, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සංස්කෘතික හා සදාචාරාත්මක කටයුතු ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානී මෙන්ම අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ඊට එක් ව සිටියා.
නව යුගයක් සඳහා චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ චින්තනයේ නවතම න්‍යායාත්මක සහ ප්‍රායෝගික ජයග්‍රහණ පුළුල් ව, ක්‍රමවත් ව ඉදිරිපත් කිරීමට මෙම ග්‍රන්ථය ඉවහල් වන බව එම උත්සවයේදී රැස්ව සිටි පිරිස සඳහන් කළා.
චීනය නවීකරණය කරා ගිය ගමනේ න්‍යාය සහ භාවිතය මෙම කෘතියෙහි මැනවින් ඉදිරිපත් කර තිබෙනවා. හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් චීනයේ දැක්ම සහ යෝජනා ද ගැඹුරින් මෙහි විග්රහ කර ඇති බව මීට එක්වූවන් පැවසුවා.

චීනයේ ආණ්ඩුකරණය, සංවර්ධනය, ප්‍රතිසංස්කරණ, නවෝත්පාදන සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ දැක්ම මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කිරීම විශේෂත්වයක්. පොදු අනාගතයක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය තුළින්, ලෝකය සමග සංවර්ධන අවස්ථා හුවමාරු කර ගනිමින් ගෝලීය සමෘද්ධියට දායක වීමට චීනය දැඩිව උත්සාහ කිරිම මෙමගින් පිළිඹිබු වනවා.
“එක් තීරයක්, එක් මාවතක්” යන මුලපිරුම උසස් ගුණත්වයෙන් යුතු සංවර්ධනයේ නව අදියරකට පිවිසීමේදී, ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායි මෙන්ම පොදු ජයග්‍රහණ සහිත ව චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එහිදී අවධාරණය කළා.
දිනූෂි ධීරසිංහ – CGTN සිංහල අංශය



