ප්රමිතියෙන් තොර ලුණු විකුණූ සහ බෙදා හරින ලද ප්රකට සුපිරි වෙෙළඳසල් ජාලයක් වන “ස්පාර් ශ්රී ලංකා පුද්ගලික සමාගම” (SPAR Supermarket) සහ නිෂ්පාදන සමාගමක් වන “රයිගම වයඹ සෝල්ටර්නර්ස් පුද්ගලික සමාගම” ( Raigama Wayamba Salterns) වෙත කොළඹ ප්රධාන මෙහස්ත්රාත් අධිකරණය රුපියල් ලක්ෂ 2ක දඩ නියම කර තිබේ.
පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් SLSI 80:2019 ප්රමිති පිරිවිතරයන්ට අනුකූල නොවන ලුණු වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකට අදාළව, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය (අංක 05) මඟින් පසුගිය 17 වැනිදා මෙලෙස දඩ නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කොළඹ 02, යුනියන් පෙදෙසේ කළ වැටලීමකදී ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ලබාගත් වාර්තාවලට අනුව මෙම කුඩු ලුණු වර්ගය ප්රමිතියෙන් තොර බව සනාථ වී ඇත.
ප්රමිතියෙන් තොර මෙම ලුණු වෙළඳපොළට බෙදාහැරීම සම්බන්ධයෙන් “රයිගම වයඹ සෝල්ටර්නර්ස් පුද්ගලික සමාගම” ( Raigama Wayamba Salterns) ට චෝදනා එල්ල වූ අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 30 සහ 31 වගන්ති උල්ලංඝනය කරමින් පාරිභෝගිකයා නොමඟ යැවීමේ වරදට අධිකරණය ඉදිරියේ සමාගම් දෙකම වැරදිකරුවන් බවට පත් වී ඇත.
පාරිභෝගිකයින් රවටමින් බාල ප්රමිතියේ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සහ නිෂ්පාදකයන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.
Source: www.srilankamirror.com



