Latest Posts

The Immunoglobulin Scandal: A Courtroom Exposé of Systemic Corruption

An Analysis of Collapsed Testimonies, Data Manipulation, and Investigative Flaws within the State Procurement Mafia

Arguably one of the most severe instances of public health and financial malfeasance in recent Sri Lankan history, the trial concerning the procurement of substandard Human Immunoglobulin and Rituximab reached a critical turning point yesterday (June 17). Under intense cross-examination by the defense counsel, the Chief Stock Control Officer of the Medical Supplies Division (MSD) inadvertently exposed internal systemic failures, deliberate data manipulation, and glaring investigative loopholes on the part of the prosecution.

This court report transcends a mere legal transcript; it serves as a live reflection of institutional corruption and the bureaucratic mechanisms routinely utilized to obscure the truth.

Bureaucratic “Amnesia” and the Collapse of Testimonies

While it is not uncommon for high-ranking public officials to take refuge behind “amnesia” during crucial legal proceedings, this defense mechanism spectacularly collapsed under the rigorous cross-examination led by Defense Counsel Nayantha Wijesekera. A prime example was the witness’s glaringly contradictory responses regarding the Cabinet Memorandum dated September 26, 2022 (Exhibits P158 / P163).

  • Defense Counsel: In your initial testimony, you stated you were unaware of the Cabinet Memoranda.
  • Witness: Yes, Your Honor, I do not handle Cabinet Memoranda.
  • Counsel: Turn to page three of this memorandum. Your signature is there.
  • Witness: Yes, Your Honor.

The witness’s initial denial of a Cabinet paper bearing his own signature, followed by an immediate admission upon being confronted with the physical document, fundamentally shatters his credibility. Furthermore, his complete lack of memory regarding crucial administrative meetings held in September 2022 (minutes 10V63 and 10V53) highlights not merely a personal lapse in memory, but a systemic shield utilized by bureaucrats to evade accountability.

Investigative Loopholes and the Prosecution’s Narrow Scope

Defense Counsel Priyantha Nawana effectively highlighted the extraordinarily narrow scope of the investigation conducted by the Criminal Investigation Department (CID). Rather than executing a comprehensive audit of the entire procurement process, the investigation appeared meticulously—and suspiciously—confined.

  • Counsel: It is stated that orders were given to 41 suppliers. The documents P310 and P253B you forwarded to the Director apply only to items 1 and 2—Rituximab and Human Immunoglobulin. Were you questioned about the remaining 39 bulk supply instances?
  • Witness: No.

This exchange suggests a prosecution strategy focused on building a case around selectively isolated incidents rather than presenting a complete factual matrix. Even more egregious is the revelation that the digital data presented to the court via CD lacked a corroborating investigative report from the Government Analyst. In an era dominated by information technology, failing to verify the authenticity of digital evidence in a case of this magnitude represents a colossal oversight.

Data Distortion, Regulatory Breaches, and the Legal Framework

Cross-examination by Defense Counsel Isuru Jayawardena, representing the third accused, unequivocally exposed the data manipulation that occurred in maintaining pharmaceutical inventory. The proceedings revealed severe violations of both the National Medicines Regulatory Authority (NMRA) Act—which governs drug quality—and the mandatory Drug Management Manual, which state institutions are legally bound to follow.

  • Counsel: Direct your attention to item 72 in document 10V62. What is the stock level of Rituximab there?
  • Witness: Zero.
  • Counsel: And how much was available within the institutions (hospitals)?
  • Witness: 165.
  • Counsel: Why are there two different figures for the national stock across these two documents?
  • Witness: The discrepancy is due to the time the data was extracted. Data in the ‘Pronto’ system can change within a single day.

This testimony demonstrates a clear attempt to artificially depict the MSD’s central stock as ‘zero’ to justify lucrative emergency purchases. While a systemic lag in the “Pronto” software was offered as an excuse, allowing such critical blind spots when expending billions in public funds is tantamount to facilitating premeditated fraud.

Judicial Impartiality and Balanced Adjudication

Throughout this complex trial, the independent and balanced intervention of the judiciary has reinforced public confidence in the rule of law. By allowing the defense ample latitude to rigorously cross-examine otherwise tedious bureaucratic documents, cabinet memos, and inventory logs, the bench demonstrated exemplary judicial temperance. Permitting the prosecution’s evidentiary gaps and the witness’s inconsistencies to organically surface without undue interference is the hallmark of a robust and fair legal process.

Conclusion: The Future of Accountability

The court proceedings of June 17, 2026, expose a tragedy that extends far beyond the malfeasance of a few isolated individuals; it reveals the systemic corruption gripping the entire state procurement apparatus. The witness’s chilling admission that “subordinate officers are bound to execute the orders given by superior officers”—even when such directives bypass standard protocols—confirms how executive power supersedes the law within the bureaucracy.

As attempts to suppress the truth through data concealment, selective amnesia, and myopic investigations continue to unravel in open court, society waits with bated breath. The cross-examination is set to continue today (18th), with the public expecting the justice system to further illuminate the dark corners of the state procurement mafia that plundered public wealth.

නඩු වාර්තාව
2026/06/17

මහජන මුදල් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විනිවිදභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතුකරන, ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) සහ රිටක්සිමැබ් (Rituximab) ප්‍රමිතියෙන් තොර  ඖෂධ මිලදී ගැනීමේ නඩුවේ තවත් තීරණාත්මක දිනයක් ලෙස ඊයේ (17) දිනය හැඳින්විය හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) ප්‍රධාන තොග නිලධාරීවරයාගෙන් විත්තියේ නීතිඥවරුන් විසින් මතුකරන ලද හරස් ප්‍රශ්න හමුවේ, පැමිණිල්ලේ දුර්වලතා සහ සාක්ෂිකරුගේ පරස්පරතා මනාව නිරාවරණය විය

විත්තියේ නීතිඥ ප්‍රියන්ත නාවාන ; පැ 310 ගැනුම් ඇනවුම් ඖෂධය ලබා ගැනීමට අදාළ කොන්දේසි දොළහක් ඇතුළත් කර තිබෙනවා

සාක්ෂිකරු ;ඔව් ස්වාමීනී

නීතිඥ ; ටෙන්ඩරය ලබාගත් සැපයුම්කරු. ඒ අනුව කටයුතු කළ යුතු වුණා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; අදාළ සැපයුම්කරු විසින් ඒ අනුව ජනවාරි 13 දිනැති 135759 දිනැති ගැනුම් ඇමිනුම් ප්‍රකාරව හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 1V 5g - 6g සැපයිය යුතු ඖෂධ වූ බව ගැනුම් ඇමිනුම් අනුව කිව හැකිද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පැ 253 B වෙත අවධානය යොමු කරන්න. 2023 ..... රිටක්සිමැබ් 500mg 50ml වයර් සැපයිය යුතුව .... එකක්

සාක්ෂිකරු ; ඔව් ඒ ගතයුතුම ඇණවුමක්

නීතිඥ ; සැපයුම්කරුවන් 41 දෙනෙකුට ඖෂධ සැපයීම සඳහා ඇණවුම් භාරදී තිබූ බව කියනවා. ඔබ අධ්‍යක්ෂකට යොමු කළ පැ 310 හා පැ 253 B අදාල වන්නේ අනුව අංක   1 හා 2 සහ රිටක්සිමැබ් හා හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් යන ඖෂධ දෙකට පමණයි.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඒ දෙන්නෙත් කොන්දේසි සහිතව

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; අනු අංක  1 - 2 හැරුනාම ඉතිරි තොග සැපයුම් අවස්ථා තිස් නමයට අදාලව ප්‍රශ්න කළාද ඔබෙන්

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; විත්තියෙනුත් නැහැ

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; ඒ වගේම සී අයිඩීය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ 2024 මැයි 28 වෙනිදා 

සාක්ෂිකරු ; එසේය ස්වාමීනි

නීතිඥ ; ඔබේ ප්‍රකාශය ගන්නා විටත් ඔබ ප්‍රධාන තොග නිලධාරී

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබේ ප්‍රකාශය ගන්නා අවස්ථාව වන විටත් දස වන චූදිත ඊට මාස තුනකට පෙර අත්අඩංගුවට අරගෙන තිබූ බව ඔබ දන්නවද? 

සාක්ෂිකරු ; දින වකවානු මතක නැහැ

නීතිඥ ; බොහොමයක් චූදිතයන් මැයි 28ට පෙර අත්අඩංගුවට පත්ව තිබූ බව දන්නවද?

සාක්ෂිකරු ; අත් අඩංගුවට පත්ව සිටි බව දැන සිටියා ස්වාමීනි

නීතිඥ ; 2024 මැයි 28 සීඅයිඩී යට ප්‍රකාශයක් දුන් බව කීවා. එම ප්‍රකාශ 2024 අගෝස්තු 1 වැනිදා හා 24 වැනිදා ලබා ගත් බව මතකද ?

සාක්ෂිකරු ; ඔය ආසන්න කාල සීමාවේදී ප්‍රකාශ තුනක් ලබාගත් බව මතකයි

නීතිඥ ; 2022/09/22 වන විට පැවති තොග තත්ත්වය ප්‍රශ්න කළේ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; ඒ අනුව ඊට අදාළ කරුණු කියන්න ලැබුණේ මුල් වරටද?

සාක්ෂිකරු ; මේ අධිකරණය තමයි දීර්ඝ විමසීමක් කරන්නේ

නීතිඥ ; පැ 293 හි තොග නොලැබුණු අවස්ථා ඊට පසු අවස්ථාවක පෙන්ඩින් ලෙස පෙන්නුම් කරනවා නේද? අයිතමයක් කොටස් ලැබී තිබුනත් ඉතිරි කොටස ලැබෙන තුරු පෙන්ඩින් නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබගෙන් මේ තොග සම්බන්ධයෙන් පැමිණිල්ල මතින් දර්ශන තලයක් මත දත්ත පෙන්වා ප්‍රශ්න කළා නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; එම දත්ත සහිත වගුව දැක්කේ පළවෙනි වතාවටද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; සීඩී පටයක අන්තර්ගත දත්ත සමූහයක් ඒ 

සාක්ෂිකරු ; වෙන්න ඇති ස්වාමීනී

නීතිඥ ; ඔබ එම සීඩී පටය සකසන්න මැදිහත් වුණේ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; ඔබට මතකද රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ආණ්ඩුවේ රස පරීක්ෂක ආවා

සාක්ෂිකරු ; පරිගණක අංශයෙන් දැනගන්න ලැබුණා

නීතිඥ ;ඔවුන් සම්මුඛ වුණේ නැද්ද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; තොරතුරු විමසුවෙත් නැද්ද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; දත්ත සකස් කිරීම ගැන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කළාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; ඒ අනුව මේ අධිකරණයේ විශාල දර්ශන තලයකක සාක්ෂි  දුන්නේ එය එදා දුටු අවස්ථාව හැර වෙනත් ඒ දත්ත ගැන දන්නේ නැහැ 

සාක්ෂිකරු ; නැහැ

අටවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නයන්ත විජේසේකර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.

නීතිඥ ;ඔබ සාක්ෂි දෙද්දි ඔබේ අවධානය යොමු කළා පැ 298 ලෙසින් සලකුණු කළ drag manual එකට. ඒකට සිංහලෙන් කියන්නේ මොකක්ද?

සාක්ෂිකරු ; ඖෂධ කළමනාකරණ අත්පොත

නීතිඥ ; ඔය අත්පොත තමයි ඖෂධ කළමනාකරන විෂය වෙනුවෙන් රාජ්‍ය ආයතන භාවිතා කරන මාර්ගෝපදේශ සංග්‍රහය.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; එහි රෝමන් ඉලක්කම් VI පිටුව බලන්න. එහි එඩිටෝරියල් බෝර්ඩ් කියා සඳහන් කර තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ වෛද්‍ය සැපයීම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ, තාක්ෂණ හා සැපයීම් සහ  ප්‍රධාන ඖෂධ වේදි සෞඛ්‍ය අමාත්‍යාංශය යන නිලධාරීන් විසින් මෙය සාකච්ඡා කර තිබෙන්නේ

නීතිඥ ; ඔබ දැන් කී නිලධාරීන් තමයි මේ මැනුවල් එක හදලා තියෙන්නේ. තවත් නම් කීපයක් තියෙනවා මේකට සහභාගි වුණ අය.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔවුන් වෛද්‍ය ක්ෂේත්‍රයේ අය

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; පහ පරිච්ඡේදයේ තිබෙනවා 1 to  2 month කියලා. ඒ තොග තබා ගැනීම ගැනයි. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; තමුන්ලා බැඳිලා ඉන්නවා. මේ අත් පොත අනුව ඖෂධ කළමනාකරණයට.

සාක්ෂිකරු ; එහෙම තමයි එදා සිට කරගෙන එන්නේ

නීතිඥ ; ඔබ ප්‍රධාන තොග නිලධාරි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී  

නීතිඥ ; (පැ 304 ලේඛනයට අවධානය යොමු කරවයි) මේක හැදුවෙ ඔබ

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; එහි අත්සනක්  තිබෙනවා. වෛද්‍ය චන්දන විජේසිංහගේ. ඔහු තමයි එවකට අධ්‍යක්ෂ

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඔබ සම්බන්ධ වන රැස්වීම්වලදී දත්ත ලබාදීම ගැන ඔබෙන් පැහැදිලි කර ගැනීම් කරගෙන ඇති. වැඩිදුර විස්තර ඕන නම් ඒවත් අහලා ඇති.

සාක්ෂිකරු ; කරුණු විමසලා තියෙනවා

නීතිඥ ; ඔබ මේ පැ 304 ලේඛනය දත්ත ගැන පැහැදිලි කර ගන්න අවශ්‍යතාවක් තිබුනනම් ඊට බාධා තිබුනද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; වෛද්‍ය චන්දන විජෙසිංහ ඇහුවෙත් නැද්ද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; cid විමර්ශන වලට සහාය දක්වන්න මැයි 28 ප්‍රකාශයක් දුන්නා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පැ 304 ඔබේ අත්සන තිබෙනවාද

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; 2022/09/26 අමාත්‍ය මණ්ඩල සංදේශයක සිංහල පිටපත පැ 158 ලෙස ලකුණු කර තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; මේ සංදේශයේ තුන පිටුව පෙරලන්න. ඔතන ඔබේ අත්සන තිබෙනවා. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; මේ අත්සන 28/05/2024 සී අයිඩීයට ප්‍රකාශය ලබාදෙන්න ගිය අවස්ථාවේ පෙන්වා දුන් විට අත්සන් කළ එකක්.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; මේ අමාත්‍ය මණ්ඩල සංදේශයක්

සාක්ෂිකරු ; ඔව් 

නීතිඥ ; පැ 304 ලේඛනය ඔවුන් පෙන්වද්දී ඔබ කියා සිටියා පැ 163 කියන්නේ ඒකේ ඇමිනුම් අංක 1 බව

සාක්ෂිකරු ; මම එහෙම සඳහන් කළ බව මතක නැහැ. සාරාංශ සටහන පෙන්වුවා කැබිනට් සංදේශයත් පෙන්නුවා

නීතිඥ ; ඇත්ත කියන්න පැකිලෙන්න එපා

ඒ කියන්නේ තමා හඳුන ගත්තා අමාත්‍ය මණ්ඩල සංදේශය ඇමිනුමක් හැටියට. 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මූලික සාක්‍ෂි වලදී ඔබ කිව්වා අමාත්‍ය මණ්ඩල සංදේශ ගැන දැනුවත් නැහැ කියලා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, මම අමාත්‍ය මණ්ඩල සංදේශය කරන්නේ නැහැ 

නීතිඥ ; පැ 163 හි තැනක තියෙනවා විස්තරය හා සාධාරණීකරණය කියලා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; පැ 304 ලේඛනයේ දත්ත හා පැ 163 හි දත්ත සමානයි නේද?

සාක්ෂිකරු ; සමානයි

නීතිඥ ; ඔබේ අත්සන ඇති තුන පිටුවේ. අපේක්ෂිත අනුමැතිය කියලා හතරවන කොටසක් තියෙනවා නේද? 

සාක්ෂිකරු ; තියෙනවා ස්වාමීනී

නීතිඥ ; 4 - 1 හි 4 - 2 හි අනුමැතිය ඉල්ලා තියෙනවා

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 2022/09/22 දින තිබුණු රැස්වීම ගැන ඔබට මතකයක් තියෙනවනේ?

( 57 ගොනුවේ ඇති 302 - ආ පෙන්වයි)

නීතිඥ ; මේ රැස්වීමට සහභාගි වුන එක් අයෙක් එවකට ලේකම් චන්ද්‍රගුප්ත

සාක්ෂිකරු ; ඔව් spc සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එහෙමත් ආවා.

නීතිඥ ; චන්දන විජේසිංහ මහතා ආවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පැ 282 කියන ලේඛනයේ පළමු පිටුව බලන්න

සාක්ෂිකරු ; 2022/09/26 සෞඛ්‍ය අමාත්‍යවරයාට ලියන ලද්දක්

නීතිඥ ; ඔක්තෝම්බරය එන්නේ සැප්තැම්බරයට පස්සේ

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ;ඔබෙන් ඊයේ ප්‍රශ්න කරද්දි, කීවේ සැප්තැම්බරයේ රැස්වීම සංවිධානය කළා කියලයි.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඒ රැස්වීමේ සටහන 10V63 කියලා, 10 වන විත්තිකරුගේ නීතිඥ ප්‍රශ්න කළා 

සාක්ෂිකරු ; ඔව් 

නීතිඥ ; 10V63 මීටින් මිනිට් සටහන්වල ඔබේ නමක් තියෙනවා

සාක්ෂිකරු ;ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබ කිව්වා මතක නැහැ කියලා

සාක්ෂිකරු ; මට මතක නැහැ

නීතිඥ ; ඔබට රැස්වීමට ගියාද නැද්දවත් මතක නැහැ

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 10V 53 බලන්න.  ඒත් රැස්වීමක මිනිට්. ඔබ ඔය රැස්වීමේ, මිනිට් දකින්නේ පළමු වතාවටයි. 

සාක්ෂිකරු ;ඔව්

(තෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)

නීතිඥ ; ඖෂධයක ගුණාත්මක භාවය සහතික කරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි, ගුණාත්මක භාවය හා අනුමැතිය

නීතිඥ ; WR සහතික නිකුත් කරන්නේත් එතනින්ද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; එම ආයතනයෙත් ඖෂධ වේදීන් ඉන්නවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; MSD එක මූලික වශයෙන් තොග භාර ගැනීම එක් රැස්කිරීම හා කළමනාකරණය කරනවා.

සාක්ෂිකරු ;ඔව් ස්වාමීනී

නීතිඥ ; MSD ව්‍යුහය විස්තර කළ හැකිද?

සාක්ෂිකරු ; නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂවරු ඔවුන් යටතේ ඝනකාධිකාරීවරු තොග පාලකවරු ඉන්නවා. ඊට පහළින් අනෙක් කාර්ය මණ්ඩල ඉන්නවා.

  නීතිඥ ; තත්ත්ව පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ඉන්නවා. 

සාක්ෂිකරු ; 2022 දි 2 යි 

නීතිඥ ; ඖෂධ අංශයේ 2 යි. 

සාක්ෂිකරු ; 2022 දී සොලමන්ස් මහත්මිය හා වන්නිආරච්චි මහත්මිය

නීතිඥ ; රිටක්සිමැබ් අයත් වන්නේ කුමන සහකාර අධ්‍යක්ෂවරයාටද? 

සාක්ෂිකරු ; අංක 7 දරන අංශයේ 

නීතිඥ ; ඒ කියන්නේ චාන්දනී වන්නිආරච්චි මහත්මිය

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; තොග පාලක කවුද

සාක්ෂිකරු; ප්‍රියන්ත දීපාල් කස්තුරිසිංහ

නීතිඥ ; වන්නි ආරච්චි කියන්නේ 173 ලේඛනය අත්සන් කළ කෙනා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; චෝදනා පත්‍ර අංක 163 යටතේ ඇය සාක්ෂිකාරියක ලෙස නම් කර ඇති බව දන්නවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී

නීතිඥ ; තොග පාලන අංශ ප්‍රධානී ලෙස ඔබ 10V63 හි සඳහන් රැස්වීමට සහභාගි වී තිබුණා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; මෙවැනි රැස්වීමකදී ඔබට  කතා කරන්න වෙනවා 

සාක්ෂිකරු ; ප්‍රශ්න ඇහුවොත් උත්තර දෙනවා

නීතිඥ ; ඔබ මේ 10V53 හි සඳහන් රැස්වීමට සහභාගී වන්නේ කවුරු ලෙසද?

සාක්ෂිකරු ; ප්‍රධාන තොග පාලන නිලධාරී ලෙස

නීතිඥ ; මේ ලේඛනයේ ඔබට යම් උපදෙසක් ලබා  දී තිබේද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි ඖෂධ ක්‍රියාවලිය තුළ ඉහළ නිලධාරීන් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට පහළ නිලධාරීන් බැඳී සිටිනවා

නීතිඥ ; එවැනි උපදෙස් අනුව ක්‍රියා නොකළොත් විනයානුකූල ක්‍රියාමාර්ග ගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනි

නීතිඥ ; ඖෂධ 182 ට අමතරව ADB,WB, UNOX වැනි ආයතන වලිනුත් ඖෂධ ඉල්ලුම් කළාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පැ 10V62 ලේඛනයේ අනු අංක 62 යටතේ ඇත්තේ කුමන ඖෂධයද?

සාක්ෂිකරු ; රිටක්සිමැබ් 

නීතිඥ ; එය 2022 ඔක්තෝබර් 10 දිනයටත් පෙන්වන්නේ ශූන්‍ය බවද? 

සාක්ෂිකරු ;ඔව් ස්වාමීනී

නීතිඥ ; ජාතික අවශ්‍යතාවය කොපමණද?

සාක්ෂිකරු ; 750යි ස්වාමීනී

නීතිඥ ; 2022/10/03 දිනට කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; ඒකක 145 ක් 

නීතිඥ ; 10V61 අයිතම අංක 73 මාසික අවශ්‍යතාව කොපමණද?

සාක්ෂිකරු ; 75 ස්වාමීනී

නීතිඥ ; MSD තොගය

සාක්ෂිකරු ; 0 යි.

නීතිඥ ; ආයතන වල කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 165 

නීතිඥ ; ඔබ සඳහන් කළේ ඔක්තෝම්බර් තුන දිනට ඊමේල් පණිවිඩවල තොරතුරු

සාක්ෂිකරු ;ඔව් ස්වාමීනී

නීතිඥ ; පැ 244 ලේඛණය ප්‍රකාරව 10/3 දිනට තොග මට්ටම කීයද?

සාක්ෂිකරු ; 145 

නීතිඥ ; අයිතම අංක 159 යටතේ ඔක්තෝම්බර් 6 දින කොපමණ තොග තිබුණද ?

සාක්ෂිකරු ; 138 ක්

නීතිඥ ; 10V62 ලේඛනයේ අනු අංක 72 ට අවධානය යොමු කරන්න. එහි රිටක්සිමැබ් කොපමණ තිබේද?

සාක්ෂිකරු ; ශුන්‍යයි

නීතිඥ ; ආයතන වල කොපමණද?

සාක්ෂිකරු ; 165 යි

නීතිඥ ; ජාතික තලයේ සංඛ්‍යා ගැන ලේඛන දෙකෙහි සංඛ්‍යා දෙකක් ඇයි?

සාක්ෂිකරු ; දත්ත ලබා ගන්නා වෙලාව අනුව ඒ වෙනස සිදුවෙනවා. ප්‍රොන්ටො පද්ධතියේ දත්ත එක දිනක් තුළ වෙනස් විය හැකියි.

නීතිඥ ; 2022/10/11 දිනත්, 12 හා 13 වන දිනත් අයිතම අංක 108 යටතේ තොග ප්‍රමාණය බලන්න. 13 වැනිදා 98 ක්. ඔක්තෝම්බර් 10 වනතුරු MSD තොගයක් ලැබුණේ නැහැ කියලා සඳහන් කල හැකිද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; පැ 270 ලේඛණයට ලැබුන උපදෙස් පරිදි ඕඩර් ලිස්ට් එකේ අයිතම 182 ට අදාලව ඇනවුම් ක්‍රියාත්මක කළා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වෙනුවෙන් තොග පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පැ 305, 306, 307 ලේඛන ලකුණු කලා මතකද? 

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; 306 ලේඛනයට අවධානය යොමු කරන්න

සාක්ෂිකරු ; 1 හා 2 ඇතුළු සහකාර අධ්‍යක්ෂකවරු සහ සැපයුම්කරුවන්.

නීතිඥ ; EO1 ලියුම V අංකයට පැරලල් තව  අංකයක් තිබෙනවා

EO1 award එකට අනුව  V කැටගරි එකක් දෙන්න කියලද මේ කියන්නේ?

සාක්ෂිකරු ; ඔව් award letter එකට අනුව

නීතිඥ ; පැ 293 ලේඛනය අනුව 00019 ඕඩර් ලිස්ට් එකට සැප්තැම්බර් 23 දිනට 49750ක් ලැබෙන්න තිබෙනවා. 2023/01/11 දිනට එම ඇනවුම් ලැබීමට තිබෙන බවට පස්වන චූදිත 21694 පෙන්ඩින් ඇතැයි සඳහන් කර තිබෙනවා.

සාක්ෂිකරු; ඔව් එහි අදහස ඒකක 28056ක් එම කාල පරතරය තුළ ලැබී ඇති බවයි.

නීතිඥ ; (1V36 සාක්‍ෂිකරුටපෙන්වයි) මෙයට අනුව නම්

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 2021/spc / M/V/P/0019 ඇනවුම

නීතිඥ ; මෙම ලේඛනය අනුව 2021 සැප්තැම්බර් 16 දිනට 9500 ක් ලැබී තිබෙනවා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; 9/16 දිනෙන් පසු ඖෂධ ලැබී තිබෙන්නේ කවදාද? 

සාක්ෂිකරු ; මේ ඇනවුමට යළි ඖෂධ ලැබෙන්නේ 10/20 එදින 9500 ක් ලැබිලා. 

නීතිඥ ; 2022/11/25 දිනට කොපමණ ලැබිලද?

සාක්ෂිකරු ; 12596 ක් ලැබිලා

නීතිඥ ; දෙසැම්බර් දාසය දිනට කොපමණ ලැබිලද? 

සාක්ෂිකරු ; 6260 යි.

නීතිඥ ; 10/20 දින 9500 හා දෙසැම්බර් 25  12696 හා ජනවාරි 10 දින ලැබුණු 6260 අනුව කොපමණ ලැබිලද?

සාක්ෂිකරු ; 28056 ක්

නීතිඥ ; සැප්තැම්බර් 23 සිට මේ ඇණවූම දක්වා ඖෂධ ඒකක 49750ක් ලැබීමට නියමිතව තිබුණා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබ එකතුව ලෙස සඳහන් කළ 28056 අනුව 49750 න් තව කොපමණ අඩුද?

සාක්ෂිකරු ; 23/94 ක්

නීතිඥ ; පැ 308 හි සඳහන් වන්නේ ඒ බව නොවේද?

සාක්ෂිකරු ; ඔව් මේක ලැබී තිබෙන ඇණවුමක්

නීතිඥ ; 308 සටහන යටතේ 308 - 1 ලෙස ලකුණු කර ඇති 2022/spc/S/R/P/0076 ඇණවුම ක්‍රියාත්මක මට්ටමේ තිබුණේ නැහැ

සාක්ෂිකරු ; ඒක ICL යටතේ තිබුන ඇණවුමක් 

නීතිඥ ; මෙම X ඕඩරය කැන්සල් වී ඇති බව ඔබ දන්නවද?

සාක්ෂිකරු ; මම දන්නෙ නැහැ

නීතිඥ ; X ඕඩර් තියෙන්නේ ICL ඒවා නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ( 2V 36 A වෙත සාක්ෂිකරුගේ අවධානය යොමු කරවයි) 000576 ඇනවුම 11/11 වනතුරු ලැබී නැහැ. පහලින් ඇති 000102 දරන ඇණවුමත් 11/11 වනතුරු ලැබී නැහැ

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. මේ කරුණු ගැන සටහන් කර තොග පාලක නිලධාරී 3 වන චූදිතත් සටහන් තබලා. 

නීතිඥ ; එම ලේඛනයේ උඩින්ම සටහන් කර තිබෙනවා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඇය වෙත ලැබුණු තොරතුරු අධ්‍යක්ෂ වෙත සටහන් යොදමින් විමසලා තිබෙනවා නේද? 

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; එහි ඉහළට තරු ලකුණින් පෙන්වන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; 00643 - 22500 ක් ලෙස සඳහන් 

නීතිඥ ඉසුරු ජයවර්ධන තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතය. නඩු විභාගය අද (18) පෙරවරු 10 ට යළි ආරම්භ වේ.

Latest Posts

spot_imgspot_img