මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කියන පුද්ගලයෙක් ඇවිත් ඊයෙ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තමන්ට වාසිදායක කොටස් පමණක් ඉදිරිපත් කරමින් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර වැරදි මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා..
ඔහු පළමුවෙන්ම කියනවා ජෙනරාල් සුරේෂ් සලේ අධිකරණය මගින් අත්අඩංගුවට ගත්තෙ චැනල් ෆෝ හෝ ලංකාවේ අධිකරණයකින් විවෘත වරෙන්තුවක් (Open Warrant) නිකුත් වී ප්‍රංශයට පැනගොස් සිටින අසාද් මවුලානාගෙ සාක්ෂිය මත නෙවෙයි කියලා…
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාව මේ වන විට රඳවාගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ආරක්ෂක අමාත්‍යවරයා (ජනාධිපතිවරයා) විසින් නිකුත් කරනු ලබන දින 90 ක රැඳවුම් නියෝගයක් (Detention Order) මත මිසක් සෘජු අධිකරණ නියෝගයකින් නොවේ.
තරිඳු ජයවර්ධන ඉදිරිපත් කරන තවත් ප්‍රධාන චෝදනාවක් තමයි ජෙනරාල් සුරේෂ් සලේ විසින් කටුවාපිටිය පල්ලිය පිහිටීම (Grid) පරීක්ෂාව එනමි පාස්කු ප්‍රහාරයට පෙර, මුස්ලිම් ගම්මාන පෙන්වන බව පවසමින් සුරේෂ් සලේ විසින් කණ්ඩායමක් යවා ඇති බවත් ඔවුන් විසින් අවසානයේදී නිරීක්ෂණය කර ඇත්තේ මුස්ලිම් ගම්මාන නොව, පසුව බෝම්බ ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය දේවස්ථානය ඇතුළු ස්ථාන බව ” පෙත්තා ” නම් සාක්ෂිකරුගෙ ප්‍රකාශයක සදහන් වී ඇති බවයි.
මෙහිදී තරිඳු හිතාමතාම ඉදිරිපත් කරන්නෙ අර්ධ සත්‍යයකි.
පෙත්තා හෙවත් ජූඩ් ක්‍රිෂාන්තගෙ සාක්ෂියේදි කියවෙන්නෙ ” මේජර් සේනක සහ නිලන්ත විසින් කොමිෂන් නොලත් නිලධාරීන් තිදෙනෙකු මාර්ගයෙන් තමන්ට දේවස්ථාන ඡායාරූප ගත කිරීමට සහ ඒවායේ පිහිටීම් (grid positions) ලබා ගැනීමට උපදෙස් දුන් බවත්, ඡායාරූප 100 කට වඩා ගත් බවත්ය.
● ශානිගෙ පොලිසිය විසින් එම සිදුවීම සම්බන්ධයෙන් නම් සදහන් වන මේජර් සේනක සහ නිලන්ත වැනි ප්‍රධාන සාක්ෂිකරුවන්ගේ කටඋත්තර ලබාගෙන නැත.
” පෙත්තා” හෙවත් ජූඩ් ක්‍රිෂාන්තගේ සාක්ෂි මත පමණක් එසේ අත්අඩංගුවට ගන්නෙ කෙසේද..?
නිසි විමර්ශනයකදී සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ මෙම සිදුවීම්වලට සම්බන්ධ යැයි කියනු ලබන පුද්ගලයන්ගෙන් සාක්ෂි ලබා ගැනීමයි.
මෙලෙස සම්බන්ධ වී ඇතැයි කියන ප්‍රධාන පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට අපොහොසත් වීම ජූඩ් ක්‍රිෂාන්තගේ ප්‍රකාශය අර්ථවත් ලෙස සත්‍යාපනය කිරීමට බාධාවක් බව නීතිවේදීන්ගෙ මතයයි.
● වඩාත්ම වැදගත් කරුණ නම් පෙත්තා විසින් කියා ඇති කොමිෂන් නොලත් නිලධාරියෙක් වන මංජුල නැමැති නිලධාරියාගෙ සාක්ෂිය පෙත්තාගෙ සාක්ෂියට පටහැනි වීමය.
එහිදී ශානිගෙ පොලිසිය එම පරස්පරතාව බැහැර කොට පෙත්තාගෙ සාක්ෂිය මත පදනම්ව පමණක් ජෙනරාල් සලේව අත්අඩංගුවට ගත්තේ කෙසේද…?
පෙත්තා විසින් බරපතළ චෝදනාවක් ඉදිරිපත් කරන විට එම චෝදනව එම සිදුවීමේම සහභාගිවන්නෙකු විසින් ප්‍රතික්ෂේප කරනු ලබන විට පෙත්තාගෙ සාක්ෂිය මත පමණක් ඇති විශේෂ විශ්වාසනීයත්වය කුමක්ද..?
මෙම පරස්පරතාවය පෙත්තාගෙ සාක්ෂිවල නිරවද්‍යතාවය, සත්‍යවාදීභාවය සහ සමස්ත විශ්වාසනීයත්වය පිළිබඳව සාධාරණ සැකයන් මතු කරන්නෙ නැද්ද…?
● ශානිගෙ පොලිසිය විසින් ජූඩ් ක්‍රිෂාන්ත පටලවා ඇති නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම හිතාමතාම මඟහැර ඇත.
● ජෙනරාල් සලේ මහතාගේ නීතිඥ මණ්ඩලයේ ප්‍රධාන තර්කයක් වන්නෙ පෙත්තා හෙවත් ජූඩ් ක්‍රිෂාන්ත ද්වේෂසහගත සාක්ෂි නිර්මාණය (Malicious Evidence) කර ඇති බවයි.
● ක්‍රිෂාන්ත නමැති සාක්ෂිකරු, ආරක්ෂක අංශවලින් විනය පියවරවලට ලක්ව පළිගැනීමේ චේතනාවෙන් පසුවන අයෙකු බවත්, ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ගොතන ලද (Fabricated) එකක් බවත් නීතිඥයන් තර්ක කරයි.
● එමෙන්ම රඳවා තබා ගැනීමේ නියෝග (Detention Orders) අවභාවිතය කර ඇති බවත් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ විමර්ශනය කළ හැකි කරුණකට, කිසිදු පදනමකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කරමින් දීර්ඝ ලෙස රඳවා තබා ගැනීම දණ්ඩනීය ක්‍රියාවක් (Punitive Detention) මිස විමර්ශන අවශ්‍යතාවයක් නොවන බව ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම තරිඳු විසින් ප්‍රකාශ කරන්නෙ හිටපු ආරක්ෂක අංශ නිලධාරීන්ගෙ සාක්ෂි මත පදනම්ව ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
ශානිගෙ පොලිසිය තමන්ට අවශ්‍ය අයගෙ පමණක් සාක්ෂි සටහන් කරගෙන ඇති පැහැදිලි තත්වයක් තුළ තරිදුගෙ එම ප්‍රකාශය පට්ට විහිළුවකි.
ඊට අමතරව තරිඳු විසින් සුපුරුදු ලෙසම අගක් මුලක් නැති තවත් මොනවද වැල්වටාරම් වගයක් කියවගෙන යනවා.
● මා ඉදිරිපත් කරන කරුණු වල සාරාංශය නමි අධිකරණය විසින් නොව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ ජනාධිපතිවරයාගෙ නියමයෙන් ජෙනරාල් සලේව රඳවාගෙන සිටින බවත් විමර්ශකයන් විසින් ජෙනරාල් සලේව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නිසා සමහර සාක්ෂිකරුවන්ගෙ සාක්ෂි හිතාමතාම බැහැර කර ඇති බවය.
අධිකරණය විභාග වන කරුණක් පිළිබඳව ඔබට කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි යමෙකුට මගෙන් ප්‍රශ්න කළ හැකිය. මට ඇති අයිතිය තරිඳු ජයවර්ධනට ඇති අයිතියමය.
තරිඳු ජයවර්ධන ඉදිරිපත් කරන තර්ක පරස්පර සහ සනාථ නොකළ සාක්ෂි මත පදනම් වූ දේශපාලන වුවමනාවක් ලෙස පැහැදිලිවම පෙනී යනවා.
● එමෙන්ම අප පැහැදිලිවම ජෙනරාල් සලේ වෙනුවෙන් පෙනී සිටින්නෙ ඔහු රඳවාගෙන ඔහුට දෙන කායික සහ මානසික වධ හිංසාවන් නවත්වන ලෙස මිස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති පරීක්ෂණ නතර කරන ලෙස නොවේ.
- ජෙනරාල් සලේව රඳවා ඇත්තෙ අඩි 6 × 4 සිර කුටියකය. ඔහුගේ සිර කුටියෙ අංකය 11 ය. 11 සහ 12 වෙනි කුටියට මැදින් වැසිකිලිය පිහිටා ඇත.
- එමෙන්ම සතෙකුටත් අන්ත ලෙස බිමට පත්තර කොලයකට බත් සහ හොදි දමමින් ආහාර ලබා දී ඇත.
- ජෙනරාල් සලේව අනිකුත් සිරකරුවන් මැදට ගෙන ගොස් නිරුවත් කර ප්‍රසිද්ධ මාධ්‍යයක සඳහන් කළ නොහැකි අඩම්තේට්ටම් සිදුකර ඇත..
ඒවා අධිකරණයේදී වාර්තා වූ කරුණු මිස මා විසින් ලියන හිතළු නොවේ..
එමෙන්ම ජෙනරාල් සලේගෙ නීතිඥයින් විසින් ඔහුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය (Psychiatric Assessment), ශාරීරික සෞඛ්‍ය තත්ත්වය (Physical Examination) පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වාර්තා ලබා දී ඇත.
ජෙනරාල් සලේ විසින් ආහාර වර්ජනයක් ආරම්භ කළේ අනෙකුත් සිරකරුවන්ට දෙන සමාන අයිතිවාසිකම් තමන්ට ඉල්ලා මිස පාස්කු පරීක්ෂණ නවත්වන ලෙස නොවේ.
මෙන්න මේ පණිවිඩය විරුද්ධවාදීන් විසින් ලෙස වැරදි ලෙස සමාජගත කරමින් සිටි. තරිඳුලා අද සිදු කරන්නෙද එයයි.
මේ වනවිටත් ජෙනරාල් සලේ අත්අඩංගුවට ගැනීම සහ ඔහුගෙ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දේශියව පමණක් නොව ජාත්‍යන්තරයෙ පවා අවධානය යොමුව ඇත.
ඉතිහාසය පුරාවටම තරිඳුලා වැන්නවුන්ගෙ හැසිරීම අප දැක ඇත. ඒ නිසා තරිඳුලාගෙ මෙම ප්‍රකාශ අපට අරුමයක්ද නොවේ.
රටේ ද්‍රෝහින් සහ රටට ආදරය කරන උන් සීමා ඉරකින් ඇන්දොත් තරිඳුලා වැටෙන්නේ කුමන ගොඩටදැයි මේ රටේ ජනතාව තීරණය කරනු ඇත..
බල්ලන්ට සඳට බිරීමෙ අයිතිය ඇත. එය වැලැක්වීමට අපට නොහැකිය. ඒ උන් බල්ලන් නිසාය..
Source: නිලන්ත සත්සර ගමගේ



