Latest Posts

The Substandard Medicine Scandal: Did Evidence Presentation Devolve into Mere Data Reading?

(A Critical Media Analysis based on the Court Report dated June 8, 2026)

The ongoing trial regarding the importation of substandard medicines (specifically Human Immunoglobulin), a case marking a critical juncture for institutional accountability and public safety within Sri Lanka’s health sector, remains under intense public scrutiny. On June 8, the testimony of Mr. Herath Mudiyanselage Danesh Bandara, Chief Stock Controller of the Medical Supplies Division (MSD), was recorded for the third consecutive day.

Our role as the media is to observe how the rule of law is implemented in the public interest, strictly without interfering with the judicial process. An analysis of this specific court report clearly illustrates the structural and technical challenges encountered when attempting to legally prove complex, large-scale corruption within the state machinery.

Technical Evidence Management and Defense Objections

At the outset of the proceedings, a significant legal argument arose regarding evidence presentation. The prosecution attempted to examine the Stock Controller while projecting data from a Compact Disc (CD), prepared by a committee headed by the Government Analyst, onto a screen.

Defense Counsel Mr. Rahul Jayatilaka raised a legally pertinent objection:

“This witness cannot be questioned regarding the data in this report. Neither he nor anyone [he works with] has seen it before. What can he possibly say when shown data from a CD in this manner? How can questioning proceed like this?”

This objection is rooted in the fundamental legal principles governing the authentication of documents and data. Responding to this, Deputy Solicitor General Ms. Lakmini Giriagama argued that under Section 120 of the Evidence Ordinance, a witness can testify ‘relying on data.’

Presiding Judge Priyantha Liyanage delivered a pragmatic and flexible ruling. Holding that since the data was derived from the ‘Pronto System,’ a stock control officer of the MSD possesses the capacity to verify the existence and confidentiality of said data. Consequently, the legal and technical conflict was resolved by limiting the witness to reading and confirming data relevant solely to his specific scope (stock control).

Prosecution’s Examination of Witnesses: Practical Challenges in Methodology

Proving the structure of a complex white-collar crime requires the logical triangulation of information and data. However, the dialogue excerpted in the court report suggests that the prosecution’s line of questioning was largely confined to confirming routine, daily inventory updates. Several key weaknesses in the presentation of evidence can be identified:

  1. Monotony in Data Reading
    The Deputy Solicitor General questioned the witness: “On September 24, 2022, the figure was 5,745, and it increased to 10,688 by October 20… Explain how it increased within a single day.” The witness replied that the numerical value increases when new stock is entered into the system; pending stock had been received.

That a figure rises when new stock is entered is an elementary administrative fact. In a case involving high state costs and valuable judicial time, presenting a comprehensive Data Analytics Summary highlighting anomalies in the procurement pattern would be far more effective than reading data line-by-line.

  1. Analytical Gaps
    During questioning, the witness stated a vital point: “The value within the system remains unchanged only on occasions when expired or substandard drugs are selected and withheld.”

The prosecution had a strategic opportunity to probe this answer further to establish a direct link between the specific withheld counterfeit batches and the emergency procurement process. This appears to have been a missed opportunity.

  1. Overlooking the Logic of Emergency Procurement
    Regarding a specific drug, the Deputy Solicitor General asked, “Is this a situation requiring emergency procurement?” The witness immediately replied, “No, Your Honour” (noting that 11 months’ worth of stock was available at the time).

This is highly advantageous and crucial testimony for the prosecution. While such evidence provides an excellent foundation, it did not appear to have been leveraged forcefully enough before the Court to build the strong argument regarding why emergency purchases were made when absolutely unnecessary.

Conclusion
Observing these proceedings underscores the inherent difficulty in legally proving ‘extra-legal’ or informal processes and manipulations that occur within massive institutional structures like the Ministry of Health and the MSD.

It is imperative that the prosecution, when filing evidence, moves beyond mere reading of stock ledgers and focuses sharply on exposing the real pattern of systemic manipulation that lies behind that data. Traditional, clerical-style questioning that merely asks “What is the figure today? What is it tomorrow?” while projecting data onto a screen cannot untangle the complex, orchestrated web of state institutional corruption.

If the Attorney General’s Department does not immediately rectify these weaknesses in methodology, there is a very high probability that the key perpetrators will escape through legal loopholes, and the entire trial will devolve into a mere administrative time-killing exercise, wasting public funds.

සම්පූර්ණ නඩු වාර්තාව

2026/06/08

ප්‍රමිතියෙන් තොර ඖධෂ නඩුවේ සාක්ෂි දීම සඳහා තෙවන දිනටත් කැඳවා තිබුණේ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතාය.

රජයේ රස පරීක්ෂක ඇතුළු කමිටුවක් මගින් නිකුත් කරන ලද ඖෂධ දත්ත පිළිබඳ වාර්තාව සංයුක්ත තැටිය ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් ප්‍රදර්ශනය කරමින් එය හා අනෙක් පැමිණිල්ලේ සාක්ෂි ලේඛන ඔස්සේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විසින් ක්ෂිකරුගෙන් සාක්ෂි ලබාගනු ලැබීය.

එහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් තුන් වතාවක් විරෝධය පළ කරන ලද්දේ රජයේ රස පරීක්ෂකවරයා විසින් සකස් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් මෙම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම වැරැදි බව පෙන්වා දෙමිනි.

විත්තියේ නීතිඥ රහුල් ජයතිලක එහිදී ප්‍රකාශයක් කරමින් මෙසේ කීය.

"මෙම පැ 297-2 A1 ලෙස ලකුණු කර ඇති තිරයේ පෙන්වන දත්තයන් රජයේ රස පරීක්ෂකවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සකස් කර ඇති වාර්තාවකි. එය සීඩී පටයක ගබඩා කර ඇත. මෙම සාක්ෂිකරුගෙන් එම වාර්තාවේ දත්ත ගැන විමසිය නොහැක. ඔහු හෝ කිසිවෙක් මීට පෙර එය දැක නෑ. සංයුක්ත තැටියක ඇති දත්ත ප්‍රදර්ශනය කර ඒ ගැන ඇසූ විට ඔහු පවසන්නේ කුමක්ද? මේවා මෙහෙම අහන්නේ කොහොමද? මේ සාක්ෂිකරුගෙන් එම සංයුක්ත තැටියේ ඇති දත්ත පිළිබඳව විමසීම පිළිබඳ විරෝධය පළ කරමි".

මෙම අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙසේ ප්‍රකාශ කළාය.

සාක්ෂිකරුට තාක්ෂණය ඔස්සේ සාක්ෂි දිය හැකිනම් ඔහු එය කරාවි. නමුත් දත්ත මත රඳා පවතිමින් සාක්ෂි දීම ගැන මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ.

එය සම්පූර්ණයෙන්ම තාක්ෂණික අවශ්‍යතා මත පදනම් වන අතර සාක්ෂිකරු 2022 සැප්තැම්බර් 1 සිට 30 දක්වා වූ තොග පිළිබඳ තොරතුරු ලබාදීමට හැකි බව දන්වා තිබේ. සාක්ෂි ආඥා පනතේ 120 යටතේ ඔහුට සාක්ෂි දිය හැකිය. මෙම ලේඛනය දැනට අධිකරණයේ. පර්යේෂණ සාක්ෂියක් ලෙස රඳවා ඇති අතර ඒ ඔස්සේ සාක්ෂි මෙහෙයවීමට අවසර ඉල්ලමි.

ඒ අවස්ථාවේ විනිසුරු මඩුල්ලේ තීරණය ප්‍රකාශ කළ සභාපති ප්‍රියන්ත ලියනගේ විනිසුරුවරයා මෙසේ කීය.

විරෝධය ඉදිරිපත් කරනු ලබන්නේ තිරයේ ඉදිරිපත් කරනු ලබන දත්ත සම්බන්ධව මෙම සාක්ෂිකරුට සාක්ෂි දිය නොහැකි බවය. පැ 297 I සංයුක්ත තැටිය සකසා ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු කමිටුවක් මගිනි. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකගෙන් සාක්ෂි ලබාගෙන ඇත. මෙම දත්ත ලබා ගත්තේ ප්‍රොන්ටෝ පද්ධතිය මගින් බව දන්වා ඇත. ඒ අනුව තොග සම්බන්ධයෙන් දත්ත ලබා දීමේදී මෙම සාක්ෂිකරු වෛද්‍ය සැපයුම් අංශයේ, සීඩී පටයේ ඇති දත්තවල රහස්‍යභාවය පිළිබඳ සාක්ෂි දිය හැකි වන්නේ එම අංශයේ තොග පාලන නිලධාරියකු බැවිනි.

ඒ අනුව මෙම සාක්ෂි ලබාදීමේදී එම ප්‍රදර්ශිත දත්ත ලෙස බලා ගැනීමෙන් එම සාක්ෂිකරුට සීඩී තැටියත් එහි ඇති දත්ත තොග පාලන අංශයේ පැවැති දත්ත පරීක්‍ෂා කර සාක්ෂි දීමේ හැකියාව ඇත. දත්ත ලබා ගත්තේ වෛද්‍ය සැපයුම්, අංශයෙන් බව රස පරීක්ෂක පවසයි. ඒ අනුව ඒ සම්බන්ධව සාක්ෂි දීමේ හැකියාව සාක්ෂිකරුට ඇත.

ඒ අනුව සාක්ෂි විභාගය ඇරඹිණි

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00.603.605 අංකයට අදාළ ඖෂධය කුමක්ද?

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය 2022 සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 1480ක්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මාසික අවශ්‍යතාව කොපමණද?

සාක්ෂිකරු ; 7500ක්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00 603 205 දරන ඖෂධය සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබෙනවාද?

සාක්ෂිකරු ; 5749යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශයේ 1480යි

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 1480, 5749 යි අවශ්‍යතාව 7500 යි.

සාක්ෂිකරු ; අඩුයි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 බලන්න. අංක 89 යටතේ ඇති අයිතමය කුමක්ද.?

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලේඛනයේ 2022 ඔක්තෝම්බර් 20 දිනට අදාළව පෙන්වන අගය කුමක්ද?

සාක්ෂිකරු ; ඒකක 10688 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 , 5745 ක් වූ අගය ඔක්තෝම්බර් 20 වන විට 10688ක් බවට පත් වෙනවා.

සාක්ෂිකරු ; මෙහෙම අගය වැඩි වන්නේ තොගයක් ලැබුණමයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 603 205 අයිතමයට ඔක්තෝම්බර් 20 වෙද්දී 10688 ක් වෙනවා. ඔබතුමා අධිකරණයට පැහැදිලි කරන්න මේ තොග එකතුවීම ගැන.

සාක්ෂිකරු ; දෛනිකව වෛද්‍ය සැපයුම් ඒකකයෙන් තොග මුදා හරිනවා. ඒ මුදා හරින ඒවා රෝහල්වල භාවිතා වෙනවා. එවිට තොග අඩු වෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එක දිනයකින් වැඩි වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

සාක්ෂිකරු ; අලුත් තොග පද්ධතියට ඇතුල් කළාම වැඩිවෙනවා. දත්ත පද්ධතියේ බලද්දි සංඛ්‍යාත්මක අගයක් තමයි පෙන්වන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය පැහැදිලි කරන්න. තොග නිකුතුව සලකා බලන්න වෙනවද.?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; යම් තොගයක් කල්ඉකුත් වී හෝ ප්‍රමිතියෙන් තොරව ඇත්නම් මේ ලේඛනයේ අගයට මොකද වෙන්නේ?

සාක්ෂිකරු ; පද්ධතිය තුළ තියෙන අගයත් නොවෙනස්ව පවතින්නේ කල්ඉකුත් වූ හෝ බාල ඖෂධ තෝරා රඳවා ගනු ලැබූ අවස්ථාවලයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තිරයේ දිස්වන දත්ත තුළ ටැබ් හතරක් ඔබට පේනවද? එහි 81 අගය පෙනෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. එහි ඒකක 5749ක් පෙන්වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි සැප්තැම්බර් 24 (2022) ට කීයක් පෙන්වනවද?

සාක්ෂිකරු ; 5142 ක් පරිගණක පද්ධතිය තුළ පෙන්වනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොගයක් ආවම ඒ ගැන දැනගන්නේ කොහොමද?

සාක්ෂිකරු ; ඊළඟ දිනයේදී විශාල ප්‍රමාණයකින් වැඩිවී තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ තොග ලැබෙන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු ; රාජ්‍ය ඖෂධ සංස්ථාවට දීපු ඇණවුම් මත ලැබෙනවා .

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයුම් ලේඛණයට අවධානය යොමු කොට මෙය හඳුනා ගන්න. 2022 ඔක්තෝම්බර් 19, 89 තීරයේ ඖෂධ තොගය කීයක්ද?

සාක්ෂිකරු ; 2358

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය ඔක්තෝබර් 20 වැනිදා 10688ක්. එය පැහැදිලි කරන්න.

සාක්ෂිකරු ; පෙන්ඩින් තිබූ තොගයක් ලැබී තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 2022/11/23 දිනය බලන්න. එහි අගය කීයද?

සාක්ෂිකරු ; 5527ක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/11/25 බලන්න. එහි සඳහන් වන්නේ කීයක්ද?

සාක්ෂිකරු ; 17768 ක්

මෙහි පද්ධතියට දත්ත එකතු වීම නිසයි. ඒ අලුත් තොගයක්.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; තොග ලැබෙන්නේ කොහෙන්ද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයට SPC එකෙන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 ජනවාරි 26 දිනට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; එහි 11277ක් සඳහන්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජනවාරි 27 දිනට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; එහි 23103 ක් සඳහන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එය මාසික අවශ්‍යතා අනුව මාස කීයකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; මාස තුනකට

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 මාර්තු මාසයට අවධානය යොමු කළොත් මාර්තු 2 දින තොගය කීයද?

සාක්ෂිකරු ; 23351 ක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මාර්තු පළමු වැනිදා තොගය කොපමණද?

සාක්ෂිකරු ; 15793 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 7 දිනට සාපේක්ෂව 2 දින තොගය වැඩිවීම සිදුවූයේ කෙසේ විය හැකිද?

සාක්ෂිකරු ; එය ඕඩරයක් විය හැකියි.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 2023/05/26 දිනට අවධානය යොමු කරන්න. එදිනට තොගය කීයද?

සාක්ෂිකරු ; 12868ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 293 ලේඛනයට අවධානය යොමු කරවයි)

මෙහි සඳහන් ඖෂධය කුමක්ද?

සාක්ෂිකරු ; රිටක්සිමැබ් 500 mg. එහි අංකය 01 205 702

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 173 ලේඛනය අනුව ඕඩර් ලිස්ට් එක දාපු දිනය කවද ද?

සාක්ෂිකරු 2022/09/26

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 182 වෂයෙන් තිරයේ දකින දත්ත 2022/06/26 ට කොපමණද?

සාක්ෂිකරු ; 0 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග නැත. පැ 297 I A III දෙස බලන්න. එහි සඳහන් අයිතමයේ සැප්තැම්බර් 26 ට කොපමණ තිබෙනවාද?

සාක්ෂිකරු ; 210 ක් ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය ප්‍රමාණවත්ද ?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 294 ට අවධානය යොමු කර 01 205 702 කොතැනද තියෙන්නේ කියන්න

සාක්ෂිකරු ; අංක 159 යටතේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/10/14 වෙද්දි එහි කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 98 යි ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10/15 වන විට 702 ක් තිබුණා. මේ තත්ත්වය පැහැදිලි කළ හැකිද?

සාක්ෂිකරු ; පෙන්ඩින් ඕඩර්ස් ලැබිලා. මාස හතරාමාරකට පසු එය ලැබිලා තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022 දෙසැම්බර් 15 දිනට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; ඒකක 1458 ක් තිබිලා තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙසැම්බර් 16 වන විට 6508 ක් ලැබිලා.

සාක්ෂිකරු ; 16 දා පෙන්ඩින් ඕඩරයක් ලැබිලා තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 මැයි 11 දින 01 205 702 ඖෂධයටත් පෙන්ඩින් ඕඩරයක් ලැබිලද?

සාක්ෂිකරු ; ඔව් පෙන්ඩින් ඕඩරයක් ලැබිලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 බලන්න.

සාක්ෂිකරු ; 2024/09/24 වන විට පැ 294 2A3 දක්වා 119843 වෙලා. ඊට පසුවදා 23000ක් වෙලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/10/06 බලන්න

සාක්ෂිකරු ; එදින වන විට 213672 ක්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කලින් පැවති ලක්ෂය තවත් ලක්ෂයක් දක්වා වැඩිවෙලා.

සාක්ෂිකරු ; ඔව් එතනත් පෙන්ඩින් ඕඩරයක් ලැබිලා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 293 හි 38 අයිතමයට අවධානය යොමු කරන්න.

සාක්ෂිකරු ; 00 602 202 එය හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 2.5 - 3 g ප්‍රමාණය එන්නත්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි මාසික අවශ්‍යතාවය කොපමණද.?

සාක්ෂිකරු ; 1853 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/09/24 හා 26 වන විට තොග කොපමණ තිබුනද?

සාක්ෂිකරු ; 24 වැනිදාත් තොග සම්පූර්ණයෙන්ම ඉවරයි. 26 දාත් ඉවර වී තිබිලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ කොපමණ තිබිලද?

සාක්ෂිකරු ; 2814 ක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කොපමණ කලකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; මාස එකහමාරකට පමණ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නොවැම්බර් 10 වන විට කොපමණ තිබිලද?

සාක්ෂිකරු ; 23873 ක් ස්වාමීනී. එයත් පෙන්ඩින් ඕඩරයක් විය යුතුයි. එහි මාස 11 කට පමණ ප්‍රමාණවත් තොගයක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙය හදිසි ප්‍රසම්පාදනයක් කළ යුතු තත්ත්වයක් ද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 293 හි 68 අයිතමය බලන්න

සාක්ෂිකරු ; එහි මාසික අවශ්‍යතාව 583 ක්

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 හි 26 බලන්න

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග 0 යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ කොපමණ පෙන්වනවද?

සාක්ෂිකරු ; ඒකක 343යි. 26 වැනිදා වෙද්දි 312 ක් අඩුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 ඔක්තෝම්බර් 15 බලන්න.

සාක්ෂිකරු ; ඒකක 5176 ක් තිබෙනවා. මාස 9 කට ඇති ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 293 ලේඛනයේ 84 අයිතමය කුමක්ද?

සාක්ෂිකරු ; 01 201 703

පැ 297 III A I දත්ත අනුව සැප්තැම්බර් 24/26 ඒකක 200 බැගින් තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එදිනට ජාතික තලයේ කොපමණ තිබුනද?

සාක්ෂිකරු ; 509 යි ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මසකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැප්තැම්බර් 26 වන විටත් ජාතික තලයේ 509 ක් තිබිලා තියෙනවා. එය මසකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; ප්‍රමාණවත් ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 ලේඛනය අනුව 2022/10/10 කොපමණ තිබුණාද?

සාක්ෂිකරු ; 3610 ක් ඒකක තිබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පෙර තිබුණේ 500 පමණයි. මේ ප්‍රමාණය මාස කීයකට ප්‍රමාණවත්ද?

සාක්ෂිකරු ; මාස හතකට පමණ ස්වාමීනී.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 302 801 බලන්න.

සාක්ෂිකරු ; මාසික අවශ්‍යතාවය 80 3333

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ කොපමණ තිබුණද?

සාක්ෂිකරු ; 509000 ක් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම දත්ත අනුව සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබෙනවාද?

සාක්ෂිකරු ; මිලියන 2.1 ක් ස්වාමීනී එය මාස දෙකහමාරකට පමණ ප්‍රමාණවත්.

මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීම සඳහා නඩුව අද (09) දින යළි කැඳවීමට නියමිතය.

Latest Posts

spot_imgspot_img