Tuesday, April 7, 2026
spot_img

Latest Posts

මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර විදුහලේ විදුහල්පතිනියට ජවිපෙන් මාරුවක්!

මතුගම සී.ඩබ්.ඩබ් කන්නන්ගර විදුහලේ  විදුහල්පතිනියට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉසුරුපායට ස්ථාන මාරුවක් ලබාදී ඇත.මෙයට හේතුව වී ඇත්තේ  අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී හා නලින්ද ජයතිස්සගේ අනීතික ඉල්ලීම් ඉටු නොකළ නිසා යැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී

විශේෂයෙන්ම මෙම විදුහල්පතිනියට ස්ථාන මාරුව ලබා දීමට හේතුව වී ඇත්තේ අමාත්‍ය නලින්ද ජයතිස්ස හා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී විසින් අනීතිකව පාසලට දරුවන් ඇතුළත් කරගැනීමට කරන බලපෑම් වලට යටත් නොවීම හා ජවිපෙට සහය පල නොකිරීම බව ආරංචිමාර්ග පවසයි.

ඇය 12 වන වියේ පසුවෙද්දී, 1988 දී, ඇය දහම් පාසල් ඇඳුමින් සැරසී සිටියදීම ඇයගේ පියා ඇයගේ ඇස් ඉදිරියේදී  කැරලිකාරයන්ගේ වෙඩි පහරට ලක්ව මිය ගොස් ඇති අතර, ඒ 1988.මාර්තු. 27 වන ඉරිදා උදේ 7.10ට ය. එතැන් සිට පිය රැකවරණය අහිමි වූ පවුලේ ඇය උත්සාහයෙන් ඉගෙන ගෙන විදුහල්පතිණිය දක්වා පෙරට පැමිණ ගෙවුණු වසර කිහිපයේදී මතුගම කන්නන්ගර විද්‍යාලය ඉහළ තැනකට ඔසවා තබන්නට වෙහෙසී වැඩ කර තිබිණි.

විදුහල්පතිනිය දුල්මිණි සේනානායක

කෙසේ වුවද ඉතා හදිසියේ සිදුකළ මෙම ස්ථාන මාරුව නිසා එම විදුහලට තවමත් විදුහල්පතිවරයකු පවා පත්කර ගැනීමට නොහැකිවී ඇත. පසුගිය කාලයපුරාම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙන විදුහල්පතිවරයකු සොයා ගැනීමට උත්සාහ කලත් එම උත්සහාය ඉටු කරගැනීමට නොහැකිවී ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

පසුගිය කාලයේ පාසල අධ්‍යාපනික සහ බාහිර කටයුතු අතින් ඉහළට ගෙන ඒමට කටයුතු කළ තවමත් 50 වන වියේ පසුවන විදුහල්පතිණිය මාරු කර යැවීම සඳහා හේතු වූ කිසිඳු කරුණක් බලධාරීන් විසින් දන්වා නොමැත.

Latest Posts

spot_imgspot_img