Sunday, March 15, 2026
spot_img

Latest Posts

කල්එළියාවේ තුවාන් ෆාරූක් අතුරුදහන් : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා ගැන තොරතුරු සොයයි

කල්එළියාව ප්‍රදේශයේ පදිංචි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ජාන් උම්මාගේ සැමියා වන තුවාන් ෆාරූක් මහතා අතුරුදහන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

(තුවාන් ෆාරූක් මහතා)

(අන්ජාන් උම්මා, විමල් වීරවංශ සහ නන්දන ගුණතිලක සමග)

ලැබී ඇති තොරතුරු අනුව, ඔහු 2026 මාර්තු 05 වන දින කොළඹට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය – අණ්ඩාකුලම් බස් නැවතුම්පොළට පැමිණ ඇත. එහෙත් එතැන් සිට ඔහුගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි තොරතුරක් නොමැති අතර, අද වන තෙක් ඔහු නිවසට පැමිණ නොමැති බව පවුලේ අය සඳහන් කරති.

මේ අතර ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරක් අනුව, මාර්තු 07 වන දින ඔහු කන්තලේ කුලත්තුව ප්‍රදේශයට ආසන්නව පිහිටි යුධ හමුදා කඳවුරක් අසලදී අවසන් වරට දැක ඇති බවද කියැවේ.

අන්ජාන් උම්මා ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ නාමයක් වන අතර, ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස සේවය කළ අතර මුස්ලිම් ප්‍රජාවේ දේශපාලන නියෝජනය සහ ප්‍රජා කටයුතු සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කළ පුද්ගලයෙකු ලෙසද හඳුන්වනු ලබයි.

තුවාන් ෆාරූක් මහතාගේ ලිපිනය ලෙස
අංක 255, හන්සගිරිය, කල්එළිය යන ලිපිනය සඳහන් වේ.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

📞 077 872 3588
📞 075 965 1885
📞 076 936 1643

copied

Latest Posts

spot_imgspot_img