Latest Posts

පාස්කු මහ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ: නවුෆර් මවුලවී ඇතුළු 15ක් වරදකරුවන් – 9ක් නිදොස් කොට නිදහස්: දඬුවම රාත්‍රී 9:00ට

HariDeshaya.lk පුවත් වාර්තාව

2019 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ ඓතිහාසික මහ නඩුවේ (HC/TAB/2972-21) තීන්දුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (22) ප්‍රකාශයට පත් කරන ලදී.

ලෝක අධිකරණ ඉතිහාසයේ වැඩිම චෝදනා සංඛ්‍යාවක් (චෝදනා 23,270ක්) ගොනු කරමින් මුලින් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, 17 වන විත්තිකරු මීට පෙර බන්ධනාගාරයේදී මියගිය බැවින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු විභාගය පැවැත්විණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලබා දුන් තීන්දුව අනුව, විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් බවට පත්වූ අතර විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරිණි. වරදකරුවන් වූ විත්තිකරුවන්ට අදාළ දඬුවම් ප්‍රකාශයට පත් කිරීම අද රාත්‍රී 9:00ට සිදු කිරීමට නියමිතය.

වරදකරුවන් වූ විත්තිකරුවන් (15 දෙනා)

  • 1 සිට 9 දක්වා සියලු චෝදනාවලට වරදකරුවන් වූවන් (විත්තිකරුවන් 09 දෙනා):


        1. මොහොමදු නවුෆර් මවුලවී
        2. මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)
        3. හයාතු මොහමදු අහමදු මිල්හාන්
        4. මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා
        5. මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්
        6. මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්
        7. මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්
        8. අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
        9. මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්

  • 10 වන විත්තිකරු (විත්තිකරු 01යි):


        1. අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16 වන චෝදනාවෙන් පමණක් නිදොස් කොට නිදහස් කෙරුණු අතර, සෙසු සියලු චෝදනාවලට වරදකරු විය)

  • 11, 15, 16, 18, 19 සියලු චෝදනාවලට වරදකරුවන් වූවන් (විත්තිකරුවන් 05 දෙනා):


        1. හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්
        2. මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්
        3. මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්
        4. රාසික් රසා හුසෙන්
        5. කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්

නිදොස් කොට නිදහස් වූ විත්තිකරුවන් (09 දෙනා)

  • 12, 13, 14 විත්තිකරුවන් (විත්තිකරුවන් 03 දෙනා):


        1. මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්
        2. මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්
        3. රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්

  • 20 සිට 25 දක්වා විත්තිකරුවන් (විත්තිකරුවන් 06 දෙනා):


        1. සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්
        2. මොහොම මුස්තපා මොහොමඩ් රිස්වාන්
        3. මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි
        4. මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා
        5. මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි
        6. මොහොම්ඩ් අක්‍රම් අහක්කම්

(සටහන: නඩුවේ මුල් නාමලේඛනයේ 17 වන විත්තිකරු වූ යාසිම් බාවා අබ්දුල් රවුෆ් සාක්ෂි විභාගයට පෙර බන්ධනාගාරයේදී මියගොස් ඇත.)

නවරත්න මාරසිංහ (සභාපති), සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණු අතර, වරදකරුවන් වූ 15 දෙනාට අදාළ දඬුවම් නියම කිරීම අද රාත්‍රී 9:00ට සිදු කෙරේ.

Latest Posts

spot_imgspot_img