Latest Posts

සිංගප්පූරු රහස් ගමන

කෝරාළගේ ලියුම – 6

ශිරන්ති රාජපක්ෂ හොරෙන් සිංගප්පූරුවට ගියේ නැහැ. හැබැයි වැරදි විදිහට ගියේ. යන්න තිබ්බේ හරියට දුමින්ද සිල්වා කෙළින්ම ජයවර්ධනපුර රෝහලෙන්, මවුන්ට් එලිසබෙත් රෝහලට ගියා වගේ.

ටික දෙනෙක් ඇරෙන්න, හැමෝම හිතන් හිටියේ, දුමින්දගේ ඔළුව කුඩු වෙන්න වෙඩි වැදුණා කියලා. ඒක හරි ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක් වගේ.

ශිරන්තිට, සිකුරාදා හර්ද සැත්කමක්, නවලෝක රෝහලේ කරා කිව්වාට කාටත් හොයාගන්න බැරිවුනා. ජයන්ත ධර්මදාස මහත්තයා, එහෙම කරත් ලෝකෙට කියන එක්කෙනෙක් නෙමෙයි.

හැබයි, ශිරන්තිට, සිංගප්පුරූවේ ශොපින් යන්නේ නැතුව ඉන්න තිබුනා. ඔය ජෙප්පේ ලොකේ වටේ කැමරා තියාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්, ශිරන්ති වගේ ඇන්ටි කෙනෙක් දැක්කොත්, ෆොටෝ ගහලා, පැලවත්තට එනවාමයි.

ශිරන්තිව, සිංගප්පූරුවට යැව්වේ, අල්ලස් එකේ, රංග දිසානායක. ශිරන්ති, අතේ රත්තරං වළලු වලට හංගලා, පොඩි බොඩි කැම් එකක් දාලා. ශිරන්ති, අර්ජුන් මහේන්ද්‍රන්ව සිංගප්පූරුවේ දි, හොරෙන් හමුවෙනවා. බොඩි කැම් එක හරහා, රංගට සිග්නල් එක එනවා.

රංග ඒක , සිංගප්පුරුවේ, හැංගිලා ඉන්න ඕලුගල මහත්තයාට යවනවා, ලයිව් ලොකෙශන් එක්ක.

ඕලුගල ශිරන්තිවයි, මහෙන්ද්‍රන්වයි, දෙන්නාම මාංචු දාගෙන, 24 උදේ ලංකාවට එනවා.

ඒ තුන් දෙනාව, පිලිගන්න, සුනිල් වටගල, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ කටුනායකට යනවා.

රනිල් මහේන්ද්‍රන්ව බේරාගන්නවා, මහින්ද, ශිරන්තිව බේරාගන්නවා. වටගල, ඕලුගලව හිරේට දානවා.

පසුව ලියමි –

හැමදෙයක්ම දේශපාලන කෝනයෙන් බලලා, ලේ රත් කරගන්න එපා. දශක ගනනාවක්, දේශපාලනය ගැන ලියලා, එපා වෙලා, විශ්‍රාම වයසේ ලියන ආතල් ලියුමක් මේක.

Latest Posts

spot_imgspot_img