Latest Posts

එඩිතර ප්‍රේමදාස

කෝරාළගේ ලියුම – 5 

සජිත් ප්‍රේමදාසව අද උදේ මතක් වුනේ, ශිරන්ති රාජපක්ෂ සිංගපූරුවට ගියා කියලා අරංචි වුනාම. එතුමිය ටික කාලෙකට එන එකක් නැහැ කියලා හිත කියනවා. 

ඒක නෙමේ කතාව. අපේ විපක්ශ නායකතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමාවත් හිරේ දානව කියලා ඔය ජවිපේ සහෝදරවරු නොවන, නමුත් ජවිපේ සහෝදරුවරු වගේ හැසිරෙන කට්ටිය දිගෝටෝම කියනවා.

ප්‍රේමදාස පුත්‍රයාව, කොටු කරන්න කියලා, 2022 දි නිවාස අධිකාරියේ අභ්‍යන්තර විගණනයක් කලා. වාර්තාවේ දිනය, පෙබරවාරි 28 වනදා. ඔය ජනාධිපති ගෝඨා පැනලා යන්න ඉස්සෙල්ලා. 

ඔය වාර්තාවට අත්සන් කරන්නේ, අභ්‍යන්තර විගණනය අංශයේ, ටී. ධම්මික. 

ඔය වාර්තාවේ කියන්නේ, මිලියන 42 ක වංචාවක් ගැන. ප්‍රේමදාස මහත්තයා, ආරක්ෂක සේවකයන් 19 දෙනෙක්ව හොර පාරෙන් අරගෙන, පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තා කියලා. ඇත්තටම, කට්ටියක් ප්‍රේමදාස මැතිනියගේ, JAL සැලුන් එකේ වැඩ කරලා. 

ප්‍රේමදාස මහත්තයා, හොරෙක් නෙමේ කියලා, එතුමා හැමදාම කිව්වා. කව්ද දන්නේ, ප්‍රේමදාස මහත්තයාට හොරෙන්, ප්‍රේමදාස මැතිනිය, නිවාස අධිකාරියේ කට්ටියට පත්වීම් දීලා, සැලුන් දොර අරින්න වහන්න, මුරභටයෝ දැම්මාද කියලා? 

එහෙමත් නැතිනම්, ඒ දෙන්නාටම හොරෙන්, ලකී ෆොන්සේකා මේක කරාද කියලා. එහෙමත්, නැත්නම්, මහමොලකරු වික්‍රමසිංහ, ප්‍රේමදාස පවුල පටලවන්න කියලා මේක කරාද කියලා.

කොහොමහරි, ඔය කියන අසරණ 19 දෙනා වැඩ කරපු තැන්, වේලාවල්, ඔක්කෝම සටහන් වෙලා ඉවරයි. 

ප්‍රේමදාස මහත්තය, මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. 

මම නම් ඉල්ලා සිටින්නේ, ප්‍රේමදාස මහත්තයා, මුලු රටටම කියන්න ඕනෑ, නැහැ මේ විගණන වාර්තාව අමු බොරුවක් කියලා. අපි සැකයේ වාසිය, එතුමාට දිය යුතුයි නේ. 

එහෙම, බොරු කියලා, ඔය වාර්තාවට අත්සන් කරපු, ටී. දම්මිකට එරෙහිව නඩුවක් දාන්න ඕනෑ. 

නඩුව කතාකරන්න, ෆර්මාන් කාසිම් නීතිඥ තුමාට බාර දෙන්න ඕනෑ. 

හර්ශ ද සිල්වාට කියලා, මාධ්‍යට කියන්න ඕනෑ, නැහැ ප්‍රේමදාස නායකතුමා එහෙම වැඩ කරන්නේ නැහැ කියලා. 

දූෂණ විරෝධි, සජබ ලොක්කා නිරෝශන් පාදුක්කට කියන්න ඕනෑ, මේ හොරකමේ කතාව විශ්ලේෂණය කරන්න කියලා. 

එතකොට අර 19 දෙනා කුඩුවට නග්ගලා අහන්න ඕනේ, තොපි නිවාස අධිකාරියෙත් වැඩ කරේ නැත්නම්, ප්‍රේමදාස සැලුන් එකේ වැඩ කරේ නැත්නම්, වැඩ කරේ සිරිකොතේද , නැතිනම් පැලවත්තේද කියලා. 

ඔය අකිල විරාජ් කාරියවසම්, ජොන්ස්ටන් හා රවි කරුනානයකව රිමාන්ඩ් කරේ, ඔයට වඩා සුලු කතාවකට හින්දා, මිලියන 42 ක කතාව හොයලා වැරදි එකාව හිරේ දාන්නම වෙනව. 

පියංකර හිරේ ගියේ, ලක්ෂ තුනකට කෑම කාලා. වික්‍රමසිංහ ලොක්කා, ඇතුලට ගියේ මිලියන 16 ක, ලංඩන් ගිය කතාවකට. 

ප්‍රේමදාස මහත්තයාගේ චරිතය ඝාතනය වෙන්න හොඳ නැහැ. මොකද, එතුමගේ පියානෝත් කිව්වේ, “මාව ඝාතනය කරත්, මගේ චරිතය ඝාතනය කරන්න එපා කියලා”. එහෙම කියලා, දවස් කීපයකින්, ළඟම හිටපු බාබු, කොටි එක්ක එකතුවෙලා එතුමාව, රටට අහිමි කරා. 

ප්‍රේමදාස මහත්තයා නිර්දෝෂි කම දැන් ඔප්පු කල යුතුයි. නිහඩව හිටියොත්, මටත් හිතේවි එතුමා හොරෙක් කියලා. එහෙම වුනොත්, වංචාවකට කෙලවෙලා ඉන්න, කතානායකව ගෙදර අරින්න බැරිවෙනවා. 

කොහොම, නමුත්, ප්‍රේමදාස මැතිනියව දැන්ම, සිංගප්පූරුවට යැව්වොත් හොදයි. නැත්නම්, ශිරන්ති ලොක්කිට වෙච්ච් වැඩේ වෙයි. 

ප්‍රේමදාස මහත්තයාට කියන්නේ, ඔය ලකී ෆොන්සේකායි, ජලනි ප්‍රේමදාසයි දෙන්නා ඇරෙන්න ලග ඉන්න කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. උන් ඔක්කෝම, බාබුලා. 

තව දෙයක්, බාබුලා විශ්වාස කරත්, ජෙප්පෝ විශ්වාස කරන්න එපා. 

දෙවනි කොටස ලගදීම.

Latest Posts

spot_imgspot_img